උතුරු කොරියාවෙන් ඇමෙරිකාවට මිසයිල ප්‍රහාර 04 ක් ? | දිනමිණ

උතුරු කොරියාවෙන් ඇමෙරිකාවට මිසයිල ප්‍රහාර 04 ක් ?

සිය රටට එරෙහිව අත්තනෝමතික ක්‍රියා පිලිවෙතක් අනුගමනය කරන්නේ නම් ඇමරිකාවට අයත්, ගුවාම් දූපතට මිසයිල ප්‍රහාර 04 ක් එකවර එල්ල කිරීමට සූදානම් බව උතුරු කොරියාව උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසයි.

ඔවුන් මෙම ප්‍රතිචාර දක්වා ඇත්තේ ඇමරිකානු ආරක්ෂක ලේකම් ජිම් මැටිස් උතුරු කොරියාව විනාශ කරන බවට ප්‍රකාශ කර පැය කිහිපයකට පසුවයි. 

එරට ආරක්ෂක අංශ සූදානමින් ඇත්තේ, උතුරු කොරියානු ජනාධිපති කිම් ජොං උන්ගේ නියෝගය ලැබුණු වහා ක්‍රියාත්මක වීමට බව ද සදහන්.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සිදුකළ තර්ජන මෙම පියවරට හේතු වී ඇති බවයි උතුරු කොරියානු වාර්තා සඳහන් කළේ. 

ඇමරිකාවේ උපාය මාර්ගික ප්‍රහාරක මධ්‍යස්ථානයක් ලෙස ගුවාම් දූපත සැලකෙයි.

නව අදහස දක්වන්න