ඉංගිරියේ කොකිස් අච්චු පාලම විනාශ වෙන්න ඉඩහැරලා | දිනමිණ

ඉංගිරියේ කොකිස් අච්චු පාලම විනාශ වෙන්න ඉඩහැරලා

ඉංගිරිය මධ්‍යම සමූහ ප්‍රියදර්ශනී කහවල

අධිරාජ්‍යවාදී පාලන සමයේ අතිවිශිෂ්ට නිර්මාණයක් සේ සැලකෙන ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කුරණ, අක්කර 40 ප්‍රදේශයේ පිහිටි කොකිස් අච්චු පාලම මාර්ග නඩත්තු කටයුත්තකට යැයි කියමින් ගලවා දැමීම නිසා මේ වනවිට දිරායෑමේ තර්ජනයකට ලක්ව පවතී.

මෙම පාලමේ ලෝහ කොටස් කොකිස් අච්චුවක හැඩයෙන් පිහිටා ඇති අතර, දැනට වසරකට වැඩි කාලයක සිට මෙම අද්විතීය නිර්මාණය ඒ අසල පිහිටි තේ ඉඩමකට ගලවා විසිකර දමා තිබෙනු දැකගත හැකිය.

මේ වනවිටත් බොහෝසෙයින් දිරාගොස් ඇති මෙම වටිනා නිර්මාණය මතට කවුරුන් හෝ විසින් විශාල දැව කොටන් තොගයක්ද අතහැරදමා ගොස් ඇති අතර, තවදුරටත් මෙය මෙලෙස විනාශවන්නට නොදෙන මෙන් සහ ඒ සඳහා සුදුසු සංරක්ෂිත පියවරක් හැකි ඉක්මනින් ගන්නාමෙන් ප්‍රදේශවාසීහු මෙන්ම පරිසර හිතකාමීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

නව අදහස දක්වන්න