අර‍ඹේගෙදර උපාසක අම්මාට වයස අවුරුදු 105යි | දිනමිණ

අර‍ඹේගෙදර උපාසක අම්මාට වයස අවුරුදු 105යි

රඹුක්කන උතුර සමුහ විපුල එස් කුමාරතුංග

රඔුක්කන වල්ගම ප්‍රදේශ‍යේ වයස අවුරුදු 105ක් වන උපාසිකා මාතාවක් සිටින බවට ලද ‍තොරතුරු ‍සොයා අපි ‍එම නිවෙස ‍සොයා ගි‍යෙමු.‍ අර‍‍බේ‍ගෙදර උපාසක අම්මා ජීවත්ව සිටින නිවෙස වෙත යෑමට කඳු සහිත මාර්ගයක් තරණය කළ යුතුය.

අර‍බේ‍ගෙදර උපාසක අම්මා නමින් ප්‍රචලිත ඇ‍ගේ නම බී.ජී.එල්.‍කොටමුල්ලය.හරියට උපන් දිනය මතක‍යේ නැතත් ඇ‍ය උපන් වර්ෂය 1912 බව අප සමඟ පැවසුවාය.

ඇ‍ගේ උපන් ගම වල්ගම ගම ආසන්න‍යේ පිහිටි උඩුගමයි.හත්වැනි ‍‍පන්තිය දක්වා පාසල් ‍ගොස් ඇති ඇය විවාහ වී ඇත්‍තේ වයස අවුරුදු 15දීය.පිරිමි දරුවන් 6ක් සහ ගැහැණු දරුවන් 4ක් වශ‍යෙන් දරුවන් දස‍දෙනකි.අර‍‍‍බේ‍ගෙදර උපාසක අම්මාට දාව තවත් දරුවන් ‍දෙදෙ‍නකු ‍මෙ‍ලොව එළිය දුටුවද ඔවුන්ට ජීවත්වීමේ වාසනාව අහිමිවිය.වැඩිමහල් පුතා ‍‍කේ.ජී.‍‍ජේමිස් සිඤ්‍‍‍‍‍ඤෝ මහතාගේ වයස අවුරුදු 83ක් බව ඔහු පවසයි.වල්ගම කවියා නමින් ප්‍රචලිත හිටිවන කවි ශුර‍යකුවන කරුණාචන්ද්‍ර ‍ප්‍රේමරත්න මහතා‍ගේ මැණියන්ද ‍මෙම උපාසක අම්මාය.

දැනට පිට පළාත්වල පදිංචිව සිටින දියණියන් දෙදෙනකු පාසල් ගුරුවරියන් ලෙස සේවයකර විශ්‍රාම ලබා ඇති අතර බාලම පුතා විදුහල්පතිවරයෙක් වශයෙන් සේවය කරයි.පිරිමි දරුවන් තිදෙනෙක්ම ඇය පදිංචි මහ ගෙදර අවට නිවෙස්වල පදිංචිව සිටිති.මොවුන් ඇතුළු දරුමුණුබුරන්100කගේ ආදරය කරුණාව,හා සැලකිලි මධ්‍යයේ ජිවත්වන කොටමුල්ල මාතාව රැකබලා ඈ අසලින්ම දිවා රැය පහන් කරන්නේ අවිවාහක බාල දියණියක වන මාලනී ස්වර්ණලතා මහත්මියයි.

නව අදහස දක්වන්න