CRT වෙළෙඳ ප්‍රදර්ශනය -2017 | දිනමිණ

CRT වෙළෙඳ ප්‍රදර්ශනය -2017

වැවිලි කර්මාන්ත අමාත්‍යංශය විසින් සංවිධානය කරනු ලබන CRT වෙළෙඳ ප්‍රදර්ශනය -2017 අද (11) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී ආරම්භ කෙරේ.
 
අදින් ආරම්භ වන මෙම ප්‍රදර්ශනය හෙට (12) සහ අනිද්දා (13) දිනවල ද පැවැත්වෙන අතර දිනපතා පෙරවරු 10.00 සිට පස්වරු 8.00දක්වා ප්‍රදර්ශනය විවෘතව පවතී
 
තේ, රබර් සහ පොල් යන වැවිලි බෝග ආර්ථික, සමාජයීය සහ පාරිසරික ප්‍රතිලාභ රට වෙත රැගෙන එමින් ඉටුකරනු ලබන අද්විතීය කාර්යභාරය සැලකිල්ලට ගනිමින් සහ අනාගත වෙළඳෙපොළ ශක්‍යතාවයන් හඳුනාගනිමින් මෙම කර්මාන්තයේ නිරත ක්‍රියාකාරීන් වෙත ආරාධනා කරමින් පැවැත්වෙන මෙම වෙළෙඳ ප්‍රදර්ශනය මගින් එකිනෙකා හමුවීම, ජලගතකරණයට, අන්තර් ක්‍රියාකාරීත්වයට සහ තේ, රබර් සහ පොල් කර්මාන්තවල ක්‍රියාකාරිත්වයට අදාළ නවතම දැනුම හුවමාරු කරගැනීමට මෙන් ම ඉගෙනගැනීමට අවස්ථාව සැලසීමේ අරමුණින් පවත්වනු ලබයි.
 
මෙම අවස්ථාවට වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ඇතුළු අමාත්‍යංශ නිලධාරීහු රැසක් සහභාගිවීමට නියමිතය.
 

නව අදහස දක්වන්න