චීනයේ රථ වාහන අනතුරකින් 36ක් ජීවිතක්ෂයට | දිනමිණ

චීනයේ රථ වාහන අනතුරකින් 36ක් ජීවිතක්ෂයට

චීනයේ ෂැන්සී පළාතේ අධිවේගී මාර්ගයක සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිස්හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ අනතුරින් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා ඇති බවය.

මගී ප්‍රවාහන බස් රථයක් අධිවේගී මාර්ගයේ උමගක බිත්තියේ ගැටීමෙන් අනතුර සිදුව තිබේ.

බස් රථය අනතුරට ලක්වන අවස්ථාවේ එය චැංඩූ නගරයේ සිට ලූඕයාන් බලා ගමන්කරමින් සිටි බව සඳහන් ය.

අනතුරට ලක්වූවන් ගලවා ගැනීමේ මෙහෙයුම් සිදුවෙමින් පවතින බව චීන වාර්තා සඳහන් කර ඇත.

අනතුරට හේතුව මෙතෙක් හෙළිවී නොමැත.

නව අදහස දක්වන්න