සතොස හරිතැනට ගමු | දිනමිණ

සතොස හරිතැනට ගමු

මාවනැල්ල ප්‍රදේශයේ අයට පමණක් නොව අරණායක, රඹුක්කන, කඩුගන්නාව ආදි වෙනත් මැතිවරණ කොට්ඨාශවල අයටද විශාල සේවාවක් වන මාවනැල්ල සතොස දැනට පවත්වාගෙන යනු ලබන්නේ මාවනැල්ල නගරයේ කෙළවරකය. මාවනැල්ල නගරයේ මැදට තරමක් දුරින් මෙය පිහිටා තිබීම නිසා නගරයට පැමිණෙන විශාල ජනතාවකට සතොසින් භාණ්ඩ මිලදී ගැනිමේ අවස්ථාව මගහැරී යයි.

ඉතා සාධාරණ මෙන්ම අවංක කාර්ය බහුල ස්ථානයක් වුවත් මෙහි සිටින ‍සේවක පිරිසද මනා හික්මීමක් මෙන්ම ක්‍රියාශීලි ගති පැවතුම්වලින් කටයුතු කිරීම වෙනත් වෙළෙඳ ව්‍යාපාරවලට ආදර්ශයකි. එබැවින් ඉහත හේතු නිසාම මාවනැල්ල නගරයේ ඇති ස. තො. ස. වෙළෙඳ සැල මාවනැල්ල නගරයේ මැද ගොඩනැගිල්ලක පිහිටුවා ගන්නේ නම් ඉන් තවත් දියුණුවීමට ස.තො. සටත් පොදු මහජනතාවටත් සැලසෙන සෙත ඉතා විශාලය.

ශාස්ත්‍රවේදී කැටයාපතනේ අනෝමදස්සි හිමි
බොස්සැල්ල - එරබුදුපිටිය 

නව අදහස දක්වන්න