නිවාස 11කින් දේපළ සොරාගත් සැකකරු අත්අඩංගුවට | දිනමිණ

නිවාස 11කින් දේපළ සොරාගත් සැකකරු අත්අඩංගුවට

හල්තොට සමුහ - විනිතා මානෙල් ගමගේ

හොරණ අවට ප්‍රදේශවල නිවාස බිද දේපළ සොරා ගත් පුද්ගලයකු , ඔහුට සහාය දැක්වු පුද්ගලයන් තිදෙනෙකු සහ රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනාකම ඇති දේපළ තොගයක් සමග අත් අඩංගුවට ගත් බව හොරණ මුලස්ථාන පොලිසිය පවසයි .

අත් අඩංගුවට ගත් භාණ්ඩ අතර පවුම් 1/4 , 1/2 සහ පවුම බැගින් වන රන් මුදු , රන්මාලයක් , රන් අත් ඔරලෝසුවක් , පරිගණක , ජිඩිටල් කැමරාවක් , ජංගම දුරකතන , වතුර මෝටරයක් , විදුලි ලි මඩු උපකරණ ඇතුළු දැ ඇති බව පොලිසිය පවසයි .

මෙහි ප්‍රධාන සැකකරු හොරණ , දික්හේනපුර පදිංචි අවු 32ක එක් දරු පියෙකු වන අතර දිවා හා රාත්‍රි කාලයේ මොහු නිවෙස්වලින් මේ භාණ්ඩ සොරාගෙන ඇති බව අණාවරණය වි තිබේ . නිවෙස් 11 කට අයත් දේපළ මේ වන විට මෙම පුද්ගලයා සොරකම් කර ඇති අතර ඉන් වැඩිම නිවෙස් සංඛ්‍යාවක් අයත් වන්නේ දික්හේනපුර ප්‍රදේශයේ බව අනාවරණය වි තිබේ .

පෙර වැරදි 10ක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇති මොහු මීට මාස 06 කට පෙර නිදහස්ව පැමිණ සිදුකරන ලද සොරකම් සම්බන්ධයෙන් පොලිසිය මගහරිමින් සිටියදි 44839 දුමින්ද සහ 60030 රාජකරුණා යන නිලධාරින් සංචාරයේ යෙදෙන විට වරෙන්තුකරුවකු සිටින බවට ලද තොරතුරකට අනුව උඩුව ප්‍රදේශයේ නිවෙසක් වටලා කුඩු පානය කරමින් සිටියදි මොහු අත් අඩංගුවට ගෙන කරන ලද විමර්ශනයේදි මේ තොරතුරු අනාවරණය වි තිබේ .

මොහු සතුව හැදුනුම්පතක් නොමැති නිසා සොරාගන්නා ලද භාණ්ඩ උගස් කිරිමට මත් ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහි වි සිටි අනිත් තිදෙනාගේ සහාය ලබා ගෙන තිබේ .ඔවුන් කොළඹ අවට පදිංචිකරුවන් වන අතර එක් පුද්ගලයකු ටියුබ් ලයිට් ගිලිමින් බස් රථවල මුදල් උපයන අයෙක් වේ . මොහු දිනකට රුපියල් දසදහසක මත් කුඩු පානය කරන අයෙකු බවත් මෙම සිව් දෙනා එකතුව කුඩු සදහා මෙම භාණ්ඩ වලින් ලබා ගත් මුදල් වියදම් කර ඇති බවත් පොලිසිය පවසයි .

කැලණිය , බොරලැස්ගමුව හා පිළියන්දල උගස් මධ්‍යස්ථාවල තිබියදි රන් භාණ්ඩ සොයාගෙන ඇති අතර රන්මාලය උණූ කර තිබියදි සොයාගෙන තිබේ .

සහකාර පොලිස් අධිකාරි ජි.ජේ නන්දන මහතාගේ උපදෙස් මත මුලස්ථාන පොලිස් පරික්ෂක ප්‍රසන්න වැලිකල මහතාගේ මෙහෙයවිමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති නලින් දර්ශණ , උපොප හරේන්ද්‍ර , උපොප චාමර , සැ 22220 ගුණසිරි , 14934 ජනක , 44839 දුමින්ද , 60030 රාජකරුණා , 60604 සුභසිංහ , 88502 කරුණාරත්න යන නිලධාරිහු මේ වැටලිම සිදු කළහ .

නව අදහස දක්වන්න