සිංහ රෙජිමේන්තුවට සිංහ පැටවෙක් | දිනමිණ

සිංහ රෙජිමේන්තුවට සිංහ පැටවෙක්

අනුර ප්‍රේමලාල්

සත්ත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව විසින් යුද හමුදාවේ සිංහ රෙජිමේන්තුව වෙත මාස හතරයි දින හතරක් වයසැති සිංහ පැටියකු භාරදීම ඉකුත්දා(10) සිදුවිය.

මෙම සිංහ පැටියා එම රෙජිමේන්තුවේ සංකේතය ලෙස(mascot) ලබාදී ඇත. මීට පෙර ලබාදුන් නීරෝ නමින් හඳුන්වන සිංහයා දැන් වයස් ගත වීම නිසා යුද හමුදාවේ සිංහ රෙජිමේන්තුව සිංහ පැටියකු සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබේ. සිංහ රෙජිමේන්තුවට භාරදුන් සිංහ පැටියා හම්බන්තොට සෆාරි උද්‍යානයේදි ජර්මනියෙන් ගෙනෙන ලද ෂීනා නම් සිංහධේනුවට හා චීනයෙන් ගෙන්වන ලද සූලා යන සිංහයාට දාව උපන් පළමු සිංහ පැටව් දෙන්නාගෙන් කෙනකි සිංහ රෙජිමේන්තුවට ලබාදුන් මේ සංහ පැටියා. තිරසංවර්ධන හා වනජීවි නියෝජ්‍ය ඇමැති සුමේධා ජී. ජයසිංහ හා සත්වඋද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා මල්සිංහ යන මහත්මීන් විසින් සිංහ රෙජිමේන්තුවේ නිලධාරින් වෙත සිංහ පැටියා ලබාදුනි.


නව අදහස දක්වන්න

Or log in with...