භාණ්ඩාගාරයට බරක් නැතිව රජයේ ව්‍යාපාර ගොඩගන්නවා | දිනමිණ

භාණ්ඩාගාරයට බරක් නැතිව රජයේ ව්‍යාපාර ගොඩගන්නවා

ජයසිරි මුණසිංහ

රජය සතු වාණිජ ව්‍යාපාර (ව්‍යවසායන්) මහා භාණ්ඩාගාරයට බරක් නොවී ශක්තිමත්ව ගොඩනැංවීමේ වැඩපිළිවෙළ වේගවත් කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කොට තිබේ.

දේශපාලන බලපෑම්වලින් තොරව, මනා හැකියාවකින් යුතු වෘත්තීයවේදී කළමනාකාරීත්වයක් යටතේ රජයේ වාණිජ ව්‍යාපාර ගොඩනැඟීම මේ වැඩපිළිවෙළ මඟින් සිදුකරන බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කෙළේය. මේ වැඩපිළිවෙළ ආරම්භ කරමින් ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ශ්‍රී ලංකා ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම යන ආයතන සාමුහික ගිවිසුම් ප්‍රකාශවලට අස්සන් තැබුණි.

ඒ එම ආයතන රේඛීය අමාත්‍යාංශය හා මුදල් අමාත්‍යාංශය අතරය.

මේ අන්දමට ත්‍රෛපාර්ශ්වීය ගිවිසුම්වලට ඇතුළත් වූ ආයතන පහට අමතරව ඉදිරියේදී තවත් ආයතන 10 ක් ගොඩනැංවෙන මේ ක්‍රමවේදයට යොමු කරන බව ද ඇමැතිවරයා කීය. ඉදිරි තුන් අවුරුද්දක කාලසීමාව තුළ තම ආයතන ශක්තිමත්ව ගොඩනැංවීම අදාළ කාර්යසාධන වැඩපිළිවෙළ එය සාර්ථකව ප්‍රතිඵල ලැබෙන ලෙස ක්‍රියාවට නැංවෙන ආකාරය මේ අවබෝධතා ගිවිසුම් එළැඹීමේදී එළිදැක්වීම සිදු වේ. 

නව අදහස දක්වන්න