බස් ප්‍රමුඛතා මංතීරු ව්‍යාපෘතිය 15 වැනි දා ඇරැඹේ | දිනමිණ

බස් ප්‍රමුඛතා මංතීරු ව්‍යාපෘතිය 15 වැනි දා ඇරැඹේ

උදුලා පීරිස්

බස් ප්‍රමුඛතා මංතීරු ව්‍යාපෘතියේ පළමු අදියර මේ මස 15 වැනි දා පෙරවරු 6 සිට 9 දක්වා ගාලු පාරෙන් ආරම්භ කෙරේ. ඒ අනුව මේ මස 15 වැනි දා සිට මොරටුව කුරුස මංසන්ධිය සිට කටුබැද්ද දක්වාත්, සැවෝයී සිනමා ශාලාව සිට බම්බලපිටිය මංසන්ධිය දක්වාත් ආරම්භ කෙරේ. මේ මස 22 වැනි දා සිට කටුබැද්ද මංසන්ධිය සිට මැලිබන් මංසන්ධිය දක්වාත් බම්බලපිටිය මංසන්ධිය සිට පිත්තල මංසන්ධිය දක්වාත් මේ මස 29 වැනි සිට පොල්දූව මංසන්ධිය (දියත උයන) සිට ආයුර්වේද මංසන්දිය දක්වාත් ටවුන් හෝල් මංසන්ධිය සිට තුම්මුල්ල මංසන්ධිය දක්වාත් සැප්තැම්බර් 5 වැනි සිට මරදාන ටෙක්නිකල් මංසන්ධිය සිට කොම්පඤ්ඤ වීදිය දක්වා (මරදාන -පිටකොටුව-කොටුව-කොම්පඤ්ඤවීදිය දක්වාත්, සැප්තැම්බර් 12 වැනි සිට කොම්පඤ්ඤවීදිය සිට පිටකොටුව දක්වා(කොම්පඤ්ඤවීදිය-කොටුව-පිටකොටුව) ,නොවැම්බර් 30බොරැල්ල සිට මරදාන දක්වාත් ධාවනය කෙරේ. ‍පෙරවරු 6 සිට 9 දක්වා සතියේ දිනවල අදාළ මාර්ගවල කොළඹ ‍දෙසට මේ මංතීරු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙනු ඇත.

මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය ඒකාබද්ධව ශ්‍රී ලංකා පොලීසිය,මොරටුව විශ්වවිද්‍යාලය,ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය,මාර්ග සංවර්ධන අධිකාරිය, ජාතික ගමනා ගමන කොමිෂන් සභාව, බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ කොළඹ මහ නගර සභාව මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. අදාළ මංතීරුවල ඉහත වෙලාවන්හි වෙනත් වාහන ධාවනයේ නොයෙදවන ලෙසද මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය දන්වා සිටී. 

නව අදහස දක්වන්න