ලොරියක් අත් ට්‍රැක්ටරයක ගැටී අයකුට තුවාල | දිනමිණ

ලොරියක් අත් ට්‍රැක්ටරයක ගැටී අයකුට තුවාල

ප්‍රසාද් පූර්ණමාල්

මාදම්පේ කුලියාපිටිය මාර්ගයේදී ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අත් ට්‍රැක්ටරයක ගැටී එක් අයකු සුළු තුවාල ලැබූ අතර අත් ට්‍රැක්ටරයට හා ලොරි රථයට බරපතළ හානි සිදු විණි . මේ සිදුවීම සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු මාදම්පේ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර වර්ෂාවට ලොරි රථය ලිස්සා යෑම හේතුවෙන් පාලනය කර ගත නොහැකිව අත් ට්‍රැක්ටරයේ ගැටුණු බව පිළිගන්නා ලදී.

මාදම්පේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

නව අදහස දක්වන්න