ලංකාව ලකුණු 135කට දැවී යයි - UPDATE | දිනමිණ

ලංකාව ලකුණු 135කට දැවී යයි - UPDATE

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පල්ලෙකැලේ පිටියේ පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 135කට දැවී ගියේය.

පන්දුවාර 37.04කදී ශ්‍රී ලංකා ඉනිම අවසන් වූ අතර ඉන්දියාව පළමු ඉනිම ක්‍රීඩා කරමින් ලකුණු 487ක් රැස් කර ගැනීමට සමත් විය.

ඒ අනුව  ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 352ක් පසුපසින් සිටියි.

ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ දිනේෂ් චන්දිමාල් ලකුණු 48ක් රැස්කර ගැනීමට සමත් විය.

ඉන්දීය පළමු ඉනිම 487කට සීමාවෙයි - UPDATE

සංචාරක ඉන්දීය පිල සහ ශ්‍රී ලංකාව අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තුන්වන සහ අවසාන ටෙස්ට් තරඟයේ දෙවන දිනය අදයි.

දිවා භෝජනය සදහා තරගය නතර කරන විට අද (13) පළමු ඉනිමේ පන්දුවට පහරදෙන ඉන්දීය පිල කඩුලූ 09 ක් දැවී ලකුණු 487 ක් ලබා සිටියේය.

හාර්දික් පාන්ඩ්‍යා නොදැවී ලකුණු 108 ක් ලබා සිටියේ ලක්ෂාන් සදකැන් ඉන්දීය පිලේ කඩුලූ 04 ක් බිද හෙලූ අතර, මලිින්ද පුෂ්පකුමාර කඩුලූ 03 ක් බිද හෙලීමට සමත් විය.

 

නව අදහස දක්වන්න