STF එකට වෙඩි තැබූ කොල්ලකරුවන්ගේ නම්ගම් - UPDATE | දිනමිණ

STF එකට වෙඩි තැබූ කොල්ලකරුවන්ගේ නම්ගම් - UPDATE

මීගමුව - කුරණ මංසන්ධියේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සහ කොල්ලකරුවන් පිරිසක් අතර ඊයේ ඇති වූ වෙඩි හුවමාරුවෙන් පසු අත්අඩංගුවට පත් සැකකරුවන් පිළිබඳව අනන්‍යතාව මේ වන විට හෙළිකරගෙන තිබේ.

සිද්ධියෙන් තුවාල ලැබූ සැකකරුවන් දෙදෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර එක් අයෙක් සේවය හැර ගිය නාවික සෙබලෙක්.

මෙලසෙ අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 28 ක් වූ කිරිනක්තුඩුව බියගම පදිංචි පතිරණ චම්පික කුමාර ජයතුංග (රාගම රෝහලේ ප්‍රතිකාර ලබයි), වයස අවුරුදු 41 ක් වූ සීදුව පදිංචි රන්හොට්ගෙදර වජිර කුමාර (කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි), වයස අවුරුදු 40 ක් වූ තෙල්දෙණියේ පදිංචි සේවය අතහැර ගිය නාවික හමුදා සෙබළෙකු වූ වෙදමාදගෙදර ජනක අරුණ ශාන්ත, වයස අවුරුදු 31 ක් වූ රාගම පදිංචි අලවත්ත කංකානම්ලාගේ තරිඳු මදූෂ නැමැති සිව්දෙනෙක්.

කොල්ලකරුවන් පිරිසක් වෑන් රථයකින් මීගමුව දෙසට ගමන් කරන බවට පොලිස් විශේෂ කාර්ය බලකායට  තොරතුරක් ලැබුණු අතර ඒ අනුව ලුහුබැඳ ගිය පොලිස් විශේෂ කාර්ය බලකාය, වෑන් රථය හරස් කර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සූදානම් වීමත් සමග ඔවුන් වෙඩි තබා තිබුණි.

ඒ සමගම පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබලුන් ද වෙඩි තබා ඇති බවයි වැඩිදුරටත් අනාවරණය වූණේ.

වෑන් රථයේ තිබී අවි ආයුධ තොගයක් ද පොලිසිය සිය භාරයට ගෙන ඇත.

STF සහ අපරාධ කල්ලියක් අතර වෙඩි හුවමාරුවක් - update 

මීගමුව-කුරණ ප්‍රදේශයේදී කොල්ලකරුවන් පිරිසක් සහ පොලිස් විශේෂ කාර්ය බළකාය අතර වෙඩි හුවමාරුවක් සිදුව තිබේ.

සිද්ධියෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර තවත් දෙදෙනෙකු අත්අඩංගුවට පත්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

වෑන් රථයක් භාවිත කරමින් ගිනි අවි රැගෙන යමින් සිටි පිරිසක් එල්ලකර ගෙන මෙම ප්‍රහාරය සිදුව ඇත.

වැඩිදුර තොරතුරු බලාපොරොත්තුවන්න.

අදහස් 1ක් ඇත

huwa marukaraganna one , monawada?

නව අදහස දක්වන්න