උදෑසන වැසි වර්ධනය වීමේ ඉහල අගයක් | දිනමිණ

උදෑසන වැසි වර්ධනය වීමේ ඉහල අගයක්

බස්නාහිර වෙරළ බද ප්‍රදේශවලට සහ යාපනය දිස්ත්‍රික්කයට අද උදෑසන කාලයේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
 
නැගෙනහිර, ඌව, උතුර සහ උතුරු මැද යන පළාත් වලට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
 
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස දෙකෙන් පසු වැසි හෝ ගිගුරම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.
 
නැගෙනහිර සහ ඌව පළාත්වලටත් මුලතිව් දිස්ත්‍රික්කයටත් මිලිමීටර් 75කට වැඩි, තරමක තද වැසි අපේක්ෂා කෙරෙයි.
 
මන්නාරම සහ කණ්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශ වලටද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
 
මේ අතර වර්ෂාපතනය ලැබෙමින් පැවතිය ද සැළකිය යුතු මට්ටමෙන් විදුලිය නිපදවීමේදී ජලවිදුලි බලාගාරවලට එය ප්‍රමාණවත් නොවන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසයි.

කෙසේ වෙතත් ජලාශවල ජල මට්ටම් ඉහළ යමින් පවතින අතර නොරොච්චෝලේ බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රයේ නඩත්තු කටයුතු නිම කර ඇති බැවින් එය නැවත විදුලි ජනනයට එක්කර ඇති බව ද සදහන්.

නව අදහස දක්වන්න