"වචන පාවිච්චිය ප්‍රවේශමෙන්" චීනය ට්‍රම්ප්ට කියයි | දිනමිණ

"වචන පාවිච්චිය ප්‍රවේශමෙන්" චීනය ට්‍රම්ප්ට කියයි

අර්බුදය තවත් නරක අතට පත්කළ හැකි "වදන් සහ ක්‍රියාවන්ගෙන්" වැළකී සිටින ලෙස චීන ජනාධිපතිවරයා උතුරු කොරියාවෙන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් දැඩි ඉල්ලීමක් කළ බව චීන මාධ්‍ය වාර්තා කරයි.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියාව අතර එදිරිවාදී වාග් ප්‍රහාරයන් හුවමාරුවෙමින් පවතින අතර ඇමරිකානු හමුදා කඳවුරු පවතින ගුවාම් දූපත දෙසට මිසයිල ප්‍රහාරයක් එල්ල කිරණ බවට උතුරු කොරියාව අනතුරු ඇඟවීය.

ජනාධිපති ට්‍රම්ප් අනතුරු අඟවා සිටියේ මින් පෙර නොදුටු විරු "විනාශකාරී කොපාග්නියකට" උතුරු කොරියාව මුහුණ දෙනු ඇති බව පවසමිනි.

නමුත් උතුරු කොරියාවේ එකම බලවත් මිත්‍ර රාජ්‍යය වන චීනය, දෙපාර්ශවයෙන්ම සංවරය සහ හික්මීම ඉල්ලා සිටී.

පවතින උණුසුම් තත්වය තවදුරටත් උග්‍ර වන අයුරින් "අදාළ සියලු පාර්ශව" සිදු කරන "වචන හුවමාරුව" වහා නතර කළ යුතු බව චීන ජනාධිපතිවරයා විසින් ජනාධිපති ට්‍රම්ප් දුරකතනයෙන් අමතා පවසනු ලැබූ බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේය.

(බී.බී.සිය ඇසුරෙනි)

නව අදහස දක්වන්න