නිවාඩු කාලයේ සර්ෆින් කරන්න යමු ආරුගම්බේ | දිනමිණ

නිවාඩු කාලයේ සර්ෆින් කරන්න යමු ආරුගම්බේ

නලින් දිල්රුක්ෂ
පාසල් නිවාඩු කාලයේ ඔබේ චාරිකාවට තවත් සුදුසුම තැනක් ආරුගම්බේ. 
කොළඹ සිට කිලෝ මීටර් 320ක් පමණ දුරකින් නැගෙන හිර පළාතේ පහළට වන්නට පිහිටි මුහුදුබඩ නගරයකි ආරුගම්බේ. ආරුගම්බේ නාමය ලොව පුරා ප්‍රචලිතය. ඒ මුහුදු දිය මත ලිස්සා යාමේ ක්‍රීඩාව (surfing) සඳහා වඩාත්ම යෝග්‍ය මුහුදු තීරයන්ගෙන් එකක් වීම නිසාය.
දෙස් විදෙස් සංචාරකයෝ දහස් ගණනින් ආරුගම්බේ වෙරළ තිරය වෙත ඇදී එන්නේ මේ නිසාය. දැන් දැන් දෙශීය සංචාරකයන්ද සර්ෆින් ක්‍රීඩාවට යොමුවෙමින් වින්දනයක් ලබන අයුරු එහි ගිය අපට දැක ගන්නට හැකි විය.
 
ලොව සර්ෆිං ක්‍රීඩාවට පරසිදු මුහුදු අතර අපේ රටේ  ආරුගම්බේ එක්ව තිබීම අපේ රටට සංචාරක ආකර්ශනය ළගාකරගන්නට කදිම උත්තේජනයක් වී ඇත.
මේ සුන්දර වෙරළ තීරයේ කුඩාරම් අද්දැකීමක් ලබන්නට ද දැන් අවස්ථාව ඇත.
හිරු අවරට ඇදෙන කාලයේ අපි කුඩාරම් ඉදිකෙරුවෙමු. අහර හා  පාන සකසා ගතිමු. අදුරු රැයේ මුහුදු සුළං ගේ පහස විඳිමින් අපි අහස් තලයේ කිරි සයුර නැරඹුවෙමු. 
පසුදින අලුයම නැගෙන හිර අහසේ ක්ෂිතිජයෙන් හිරු කිරණ පොලෝ තලය සිපගන්නා ඒ සොඳුරුම දසුනින් අමන්දානන්දයට පත් වුණෙමු. අපේ චාරිකාව ඇසුරින් තැනූ විඩියෝව ඉහතින් නරඹන්න. 

 

නව අදහස දක්වන්න