Thursday, අගෝස්තු 17, 2017 - 12:00
කෝච්චියේ වැලිගමට ගිය අපි එතැන් සිට බස් රියෙන් තමා උඩුකාවට ගියේ.
වැලිගම අකුරැස්සපාරේ යනකොට හමුවෙනවා උඩුකාව. දෙනිපිටියේ නුග රුක තියෙන්නෙත් මේ පාරේ තමා.
උඩුකාව ගමේ ඉඳන් කිලෝ මිටර් දෙකක් විතර ඇතුළට වෙන්න තියනවා ලස්සන පරිසරයක පිහිටි වැවක්. වැවේ නම උඩුවතර වැව. බොහාම මෑතක ඉදි කරපු වැවක් වුවත් මේ වැව නිසා අක්කර දහස් ගාණක කුඹුරු යායක් සරුසාරව වැවෙන බව ගම්වාසීන් අප සමග පැවසුවා.
පුංචි පහේ විනෝදයක් ලබන්නත් කදිම තැනක් මෙතැන. ගියාට කමක් නෑ මේ ලස්සන පරිසරය නම් වනසන්න එපා.
අදහස් 1ක් ඇත
lassana wawak!
නව අදහස දක්වන්න