උසාවි වැඩි කරන්න කැබිනට් එකඟයි | දිනමිණ

උසාවි වැඩි කරන්න කැබිනට් එකඟයි

බුද්ධිකා ඉඹුලාන සහ සිතාරා සේනානි

ඉකුත් රජයේ සිදුවී ඇති වංචා දුෂණ සම්බන්ධයෙන් වන 'සොරුන් ඇල්ලීම' කඩිනම් කරන්නට' ,තෝරා ගත් මහාධීකරණයන්ගෙන් එකක් හො දෙකක් ,විශේෂිත මහාධීකරණයන් බවට පත් කිරීමට කැබිනට් මණ්ඩලයේ සියලු දෙනාගේම කැමැත්ත හිමිවූ බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති ,සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරත්න මහතා කියයි.

මෙය, මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලකින් යුතු ,දිනපතා නඩු විභාග කෙරෙන 'Trail at bar ' අධිකරණයක් තුළින් සිදු කිරීමටද යෝජනා වූ බවද ඇමැතිවරයා පවසයි. මෙය සිදු කළ විට පසුගිය රජයේ දූෂිතයින් නීතියේ රැහැනට හසුවීම කඩිනම් වනු ඇතැයිද ඇමැතිවරයා පෙන්වා දෙයි.

අද ජනාධීපතිවරයා ,අගමැතිවරයා හෝ රජයේ ඕනැම මැති ඇමැතිවරයකු ගමකට නගරයකට ගියත් ජනතාව වට කරගෙන අසන්නේ 'හොරු අල්ලන්නේ කවදාද' යන්න බවත් පෙන්වා දෙන ඇමැතිවරයා ,පසුගිය දිනක මහනුවර සංචාරයක යෙදුණු අගමැතිවරයාගෙන්ද මහජනතාව වීවාතව මේ පිළීබඳව ප්‍රශ්න කරනු විද්‍යුත් මාධ්‍ය ඔස්සේ දැක ගත හැකි වූ බව ද අවධාරණය කරයි.

ඊයේ (16)රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බැව් අනාවරණය කළේය.

එහිදී ඇමැතිවරයා පෙන්වා දුන්නේ රජය බලයට පත්වන විට ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීම ඉතා කඩිනමින් සිදු කළ යුතු බවයි.

'දිනපතා නඩු ඇසෙන උසාවියක් තිබෙනවා නම් මේ ගොඩ ගැසී තිබෙන නඩු ඉතා ඉක්මනින් ඉවර කරන්න පුළුවන්. නැතිනම් 2020 වන විටත් නඩු අසා ඉවර වෙන්නේ නෑ. මෙහිදී වන්නේ කවදා හෝ මහින්ද රාජපක්ෂම ඉදිර දවසක ඔහුගේ නඩුව අසාගන්නා තත්ත්වයක් උදා වීමයි.

ව්‍යවස්ථාව කියන්නේ තමන්ගේ සෙළුව වසා ගන්නා සළුවක් නොවේ.මේ විශේෂ අධීකරණය ගෙන එන්නට ඒ සම්බන්ධව අමාත්‍යංශ භාර අය කටයුතු කළ යුතුයි. ඇමැතිවරුන් පත් කර තිබෙන්නේ විග්‍රහ කර කර සිටින්නට නොවේ.ඒ සම්බන්ධව කටයුතු ක්‍රියාත්මක කිරීමටයි .නායකයන් කළ යුත්තේ විග්‍රහ කිරීම නොව ඒ සම්බන්ධ කඩිනමින් ක්‍රියාත්මක වීමයි.මේ පියවර ගතහොත්'හොරුන් අල්ල්න' දිනය වැඩි ඈතක නොවේ '

පසුගිය රජය සමයේ දූෂණ වංචා සම්බන්ධයෙන් විමර්ශන ලිපි ගොනු 101 න් නීතිපති දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා .එහින් 87 ක් පොලිස් මූළ්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයෙන්ද අපරාධ පරින්ෂණ දෙපාර්තමේන්තුවෙන් 14 ක්ද ලැබී තිබෙනවා.

මෙයින් පැමිණිලි 25 ක් සාක්ෂි විමසීම සදහා යවා තිබෙනවා.මෙතරම් විශාල නඩු සංඛ්‍යාවක් එකවර ක්‍රියාත්මක වීමට නීතිපති දෙපාර්තමේන්තුවට බෑ .නමුත් ප්‍රමාදය වලක්වා ගත යුතු. අප විශේෂ අධිකරණ ක්‍රියාවලියක් ගැන කතා කරන්නේ මේ නිසයි.යැයිද ඇමැති රාජිත සේනාරත්න මහතා මෙහිදී පෙන්වා දුන්නේය. 

නව අදහස දක්වන්න