සම්මුතිවාදී ආණ්ඩුවට වසර 2යි | දිනමිණ

සම්මුතිවාදී ආණ්ඩුවට වසර 2යි

මහින්ද අලුත්ගෙදර

නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය රටට උදා කිරීමේ අරමුණින් ස්ථාපිත කළ සම්මුතිවාදී ආණ්ඩුවට වසර දෙකක් සපිරෙයි.

පසුගිය 2015 වසරේ අගෝස්තු මස 17 දා පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් වැඩිම ආසන ගණන එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ විසින් ලබා ගන්නා ලද අතර එම සංඛ්‍යාව 106ක් විය. ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් මන්ත්‍රී ආසන 95ක් දිනා ගන්නා ලදී.

කෙසේ වුවද ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කිසිඳු දේශපාලන පක්ෂයක් විසින් බහුතර ආසන සංඛ්‍යාවක් ලබානොගැනීම හේතුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ එකඟතාව අනුව එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ආණ්ඩුවක් පිහිටුවීමට තීරණය කෙරිණි.

ඒ අනුව දෙපාර්ශ්වය විසින් ආණ්ඩුවක් පිහිටුවීමට පියවර ගන්නා ලද අතර රටේ ජනතාවගේ අවශ්‍යතා ඉටුකරමින් කලාපයේ සංවර්ධිත රටක් බවට පත්කිරීම වෙනුවෙන් අවශ්‍ය වැඩසටහන් දියත් කිරීමට පියවර ගත්තේය. අලුත් රටක් - එකම ගමනක් වසර පහක ඉදිරි ගමනේ පළමු සංවත්සර සැමරුම පසුගිය වසරේ දී සමරන ලද අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් 2015 ජනවාරි 08 වැනි දා ඇතිකළ දේශපාලන පෙරළිය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව සහ යහපාලනය සාක්ෂාත් කරගැනීමේ හැරවුම් ලක්ෂයක් විය. 


නව අදහස දක්වන්න

Or log in with...