පිලිපීන පොලීසිය පුද්ගලයන් 23 ඝාතනය කරයි | දිනමිණ

පිලිපීන පොලීසිය පුද්ගලයන් 23 ඝාතනය කරයි

පිලිපීනයේ මත්ද්‍රව්‍ය වැටලීම්වල දී පොලීසිය විසින් පුද්ගලයින් 32 ඝාතනයකර තිබේ.

එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව මෙය වේ. මැනිලා අගනුවරට උතුරින් පිහිටි බුලඛාන් පළාතේ ඉකුත් අගහරුවාදා පොලීසිය විසින් වැටලීම් සිදු කරනු ලැබීය.

මිය ගිය අය මත්ද්‍රව්‍ය ජාවාරම්වලට වරදකරුවන් බව පොලීසිය කියා සිටියේය. පිලිපීනයෙන් මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා ජනාධිපති රොද්‍රිගෝ ඩුටේටේ ප්‍රතිඥාදී තිබේ.

පිලිපීන ජනාධිපතිවරයා ඉකුත් සතියේ සිදු කළ දැඩි වාග් ප්‍රහාර මගින් පෙන්වා දුන්නේ, මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් නිරයට යවන බවය.

2016 වසරේ මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධය ආරම්භ කිරීමෙන් අනතුරුව දහස් සංඛ්‍යාත පිරිසක් මෙලෙස ඝාතනයට ලක් වුණා. පිලිපීන ජනාධිපතිවරයාගේ මත්ද්‍රව්‍ය මැඩලීමේ ක්‍රියා මාර්ග මානව හිමිකම් සංවිධානවල දැඩි විරෝධයටයි, ලක්ව ඇත්තේ.

අදහස් 1ක් ඇත

niyamayi, rata hadanna , ohoma karanna oneya!

නව අදහස දක්වන්න