නේමාර් ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් පෙනී සිටියි | දිනමිණ

නේමාර් ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් පෙනී සිටියි

බ්‍රසීල පාපන්දු ක්‍රීඩක නේමාර්, අබාධිත පුද්ගලයන් වෙනුවෙන් තානාපතිවරයෙකු ලෙස පත්කර තිබේ.

දිලිඳු රටවල වෙසෙන ආබාධිත පුද්ගලයන් සහ ස්වභාවික ව්‍යසන හා ගැටුම් හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත් වූ පුද්ගලයන්ගේ මානසික තත්ත්වය ඉහළ නැංවීමට එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් බ්‍රසීල පාපන්දු ක්‍රීඩක නේමාර් මෙම තනතුරට පත් කර තිබේ.

ඊට අදාළ ගිවිසුම අත්සන් කර ඇත්තේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ය.

එවැනි තනතුරක් සඳහා පාපන්දු ක්‍රීඩකයෙකු පත්කළ පළමු අවස්ථාව මෙය වේ.

මෙම තනතුර නෙයිමාර්ගේ ජිවිතයේ සුවිශේෂී සංධිස්ථානයක් බව විදෙස් වාර්තාවන්හි වැඩිදුරටත් සඳහන් ය.

ක්‍රීඩකයෙකු මිලදී ගැනීම සඳහා කණ්ඩායම් දෙකක් අතර සිදුවූ ලොව මිල අධිකම ගනුදෙනුව සටහන් කරමින් නේමාර ස්පාඤ්ඤයේ බාර්සිලෝනා කණ්ඩායමේ සිට ජර්මනියේ ”පැරිස් සෙන්ට් ජර්මෙයින්” කණ්ඩායම සමග පසුගියදා එක් විය.

 

නව අදහස දක්වන්න