රැඳවියන් ඉතා කුඩා ජංගම දුරකථනවලට හුරුවෙලා | දිනමිණ

රැඳවියන් ඉතා කුඩා ජංගම දුරකථනවලට හුරුවෙලා

බුද්ධිකා ඉඹුලාන

බන්ධනාගාර රැඳවියන් සතුව ජංගම දුරකතන තිබේදැයි බන්ධනාගාර තුළ සිදු කෙරෙන දැඩි සෝදිසි හේතුවෙන් ඔවුන් ඉතා කුඩා ජංගම දුරකතන භාවිතා කිරීමට පෙළඹී ඇතැයි වාර්තා වේ.

මෙවැනි ඉතා කුඩා ජංගම දුරකතන ඇතැම් රැදවියන් ගුද මාර්ගයේ මෙන්ම ශරීරයේ රහසිගත තැන්වල සඟවා ගෙන බන්ධනාගාර තුළට ගෙන එන බවට තොරතුරු බන්ධනාගාර බුද්ධි අංශයට වාර්තා වී ඇතැයිද බන්ධනාගාර කොමසාරිස් ,බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා 'දිනමිණ'ට කීය.

පෙරේදා(16) කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් මෙවැනි ජංගම දුරකතනයක් සොයා ගැනුණු අතර එහි පළල අඟල් 1ක් ද උස අඟල් 2.5ක්ද වෙයි.ඉකුත් සතියේ මාතර බන්ධනාගාරයෙන්ද මෙවැනි ජංගම දුරකතනයක් සොයා ගත් අතර එහි උස හා පළල අඟල් 1ක් වෙයි.

රාත්‍රි කාලයේ එම බන්ධනාගාරවල සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී මේ ජංගම දුරකතන සොයා ගැනුණු අතර එම සෝදිසි මෙහෙයුම රිමාන්ඩ් බන්ධනාගාර අධිකාරි කේ.ඒ.එස්. කොඩිතුවක්කු ,මාතර බන්ධනාගාර සහකාර අධිකාරි පී.ධම්මික මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ සිදු කෙරිණි.

එම ජංගම දුරකතන හා සිම් කාඩ්පත් වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිසියට භාරදීමට කටයුතු යොදා ඇත. 

 

නව අදහස දක්වන්න