රාජපක්ෂ පාලනය පෙරළීමට රනිල් වික්‍රමසිංහ කළ කැපකිරීම ඉතා විශිෂ්ටයි | දිනමිණ

රාජපක්ෂ පාලනය පෙරළීමට රනිල් වික්‍රමසිංහ කළ කැපකිරීම ඉතා විශිෂ්ටයි

චමීර ඇල්ලදෙණිය

වසර දහයක් පුරා පැවැති රාජපක්ෂ දුර්දාන්ත පාලනය පෙරළා දැමීමට රනිල් වික්‍රමසිංහ මහතා කළ කැපකිරීමට ඉතා විශිෂ්ට බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.

ශ්‍රී ලංකාව සමෘද්ධිමත් දේශයක් කරා ගෙනයාම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා සතු දැනුම ඉතාම උසස් බවත් හොද දැක්මක් ඔහු තුළ ඇති බවත් කුමාරතුංග මහතාමිය කීවාය.

‘හෙට දකින රනිල්‘ ඡායාරුප ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් එසේ කී හිටපු ජනාධිපතිනිය රනිල් වික්‍රමසිංහ මහතාගේ කැපවීම නොවන්නට තවමත් දුර්දාන්ත පාලනය මේ රට තුළ ක්‍රියාත්මක බවද පෙන්වා දුන්නාය.

වත්මත් අගමැතිවරා සිව්වතාවක් මේ රටේ අගමැතිවරයා ලෙස විශාල සේවාවක කර ඇති බවත් කුඩා කල සිටම එතුමන්ව හොඳින් දන්නා හදුනන බවත් කී කුමාරතුංග මහත්මිය දේශපාලනයේ පතාකයන්ගේ ඇසුර නිසාම දේශපාලනයේ වසර හතලිහක් වැනි දීර්ඝ කාලයක් ඉදිරියට පැමිණීමට හැකිවූ බවද කීවාය.

කීර්තිමත් පවුලකින් පැවැත එන රනිල් වික්‍රමසිංහ මහතා ඉතා උගත් බුද්ධියකින් හොබි අතර, නීතිය පිළිබඳ හා දේශපාලනය පිළිබ විශාල දැනුම පරිචයක් ඇති කෙනෙකු ලෙසද හදුන්වාදිය හැකි බවද හිටපු ජනාධිපතිනිය පෙන්වා දුන්නාය.

මහත්ම දේශපාලනයේ පරමාදර්ශයක් මෙන්ම වංචාවෙන් දූෂණයෙන් තොර දෑත් සුපිරිසුදු චරිතයක් හැටියට වත්මන් අගමැතිවරයා හදුන්වා දිය හැකි බවද චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වැඩිදුරටත් කීවාය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කළ මේ ඡායාරූප ප්‍රදර්ශනය නැරඹීම සහා මැති ඇමැතිවරු විශාල සංඛ්‍යාවක් පැමිණ සිටි අතර විශාල ජනකායක්ද එක්ව සිටියහ.

ඡායාරූපය-සුදත් මලවීර 

අදහස් 1ක් ඇත

නව අදහස දක්වන්න