බාසිලෝනා වෑන් රිය ප්‍රහාරය | දිනමිණ

බාසිලෝනා වෑන් රිය ප්‍රහාරය

ස්පාඤ්ඤයේ බාසිලෝනා හිදී පිරිසක් අතරට වෑන් රියක් ධාවනය කරවීමෙන් කිහිපදෙනෙක් මරුමුවට පත්ව ඇති බව එරට පොලිසිය උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසයි.

සිද්ධිය හටගැනීමත් සමග අසල ඇති සාප්පු මෙන්ම බොජුන්හල්වල ආවරණය සලසා ගැනීමට පෙළඹුණු බව අදාළ ප්‍රදේශයෙන් ලැබෙන වාර්තාවල දැක්වේ.

බාසිලෝනාහි රම්බ්ලස් නම්වූ සංචාරක ප්‍රදේශයකදී මේ සිදුවීම හටගෙන ඇත.

ස්පාඤ්ඤ පොලිසිය එය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙසින් සලකන බව මාධ්‍ය වාර්තාවල දැක්වේ.

ප්‍රදේශයේ උමං දුම්රිය ධාවනය අත්හිටුවන ලෙසත් දුම්රියපොළ වසා දමන ලෙසත් හදිසි සේවා ඉල්ලීම් කර ඇති බව රොයිටර් පුවත් සේවය පැවසීය.

නව අදහස දක්වන්න