මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර විකුණූ 8කට නඩු | දිනමිණ

මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර විකුණූ 8කට නඩු

පුත්තලම සමූහ වාර්තාකරු - ඩබ්.සී.බී.ප්‍රනාන්දු
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙළෙඳසල් පරීක්ෂා කරමින්

තලවිල සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය පැවැත්වුණු සතියේ එම දේවස්ථාන භූමිය සහ ඒ අවට පවත්වාගෙන ආ වෙළෙඳසල් පරීක්ෂා කළ මහජන සෞඛ්‍ය පරික්ෂක කණ්ඩායමක් තවත් මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ සහ අලෙවිය සඳහා ප්‍රදර්ශනය කළ වෙළෙඳුන් 80 දෙනකුට අවවාද කර තවත් වෙළෙඳුන් 8දෙනකුට එරෙහිව අධිකරණයේ නඩු පවරා ඇත.

එමෙන්ම ආපනශාලා 10ක අලෙවිය සදහා තබා තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර පාන එම වැටලිම් සිදුකළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් විනාශකර දමන ලදී.

කල්පිටිය මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි උදාර ප්‍රනාන්දු, සහකාර මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි දම්සිරි ද සිල්වා යන මහත්වරුන්ගේ මෙහෙයවිම යටතේ තලවිල මහජන සෞඛ්‍ය පරීක්ෂක සුමිත් ජයනන්ද වාස් මහතා ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරි කණ්ඩායමක් එම වන්දනා භූමිය අවට ආපනශාලා, වෙළෙඳසල්, තාවකාලික හෝටල්, රසකැවිලි අලෙවිසල්, පලතුරු බීම සහ පලතුරු අලෙවි සල් පරීක්ෂා කර මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.

නව අදහස දක්වන්න