21 වැනි නාවික හමුදාපතිවරයා ජනාධිපතිවරයා අතින් සිය පත්වීම් ලිපිය ලබාගනිමින්........ | දිනමිණ

21 වැනි නාවික හමුදාපතිවරයා ජනාධිපතිවරයා අතින් සිය පත්වීම් ලිපිය ලබාගනිමින්........

සුදත් සිල්වා

වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා ශ්‍රී ලංකාවේ 21 වැනි නාවික හමුදාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කර ඇති අතර ඊයේ (18) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී නව නාවික හමුදාපතිවරයා, ජනාධිපතිවරයා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය. 1982 වසරේදී ශ්‍රී ලංකා නාවික හමුදාවට එක්ව ඇති ට්‍රැවිස් සින්නයියා මහතා වීර වික්‍රම විභූෂණ, රණවික්‍රම, රණශූර (තෙවරක්) හා උත්තම සේවා යන ඉහළම සම්මානයන්ට පාත්‍ර වූ නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකි. නව නාවික හමුදාපතිවරයාගේ සේවා කාලය මේ මස 22 වැනි දා සිට බලපැවැත්වෙනු ඇත. මේ අවස්ථාවට ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු යන මහත්වරුද එක්ව සිටියහ. 

නව අදහස දක්වන්න