ලක්ෂ 91ක් වටිනා රන් පන්නන්න හැදූ බුද්ධි නිලධාරියා දැලේ | දිනමිණ

ලක්ෂ 91ක් වටිනා රන් පන්නන්න හැදූ බුද්ධි නිලධාරියා දැලේ

සුභාෂිණී සේනානායක

නීති විරෝධි ලෙස කටුනායක ගුවන් තොටුපලින් පිට කිරීමට උත්සහ කළ කිලෝග්‍රෑම් 2ක පමණ රන් ආභරණ තොගයක් පෙරේදා (17) ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

හමුදා බුද්ධි අංශ නිලධාරියකු විසින් පෙරේදා රාත්‍රී 09.15ට පමණ කටුනායක ගුවන් තොටුපළට පැමිණි යානයකින් අදාළ රත්‍රං තොගය සිංගප්පූරුවේ සිට රැගෙන පැමිණ ඇති අතර ඒවා සූක්ෂම ලෙස කකුල් තුළ සඟවා රැගෙන විත් පිට කිරීමට උත්සහ ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ගුවන් තොටුපළේ සේවය කරන බුද්ධි අංශ නිලධාරියකු විසින් මේ රන් තොගය ගෙනවිත් ඇති අතර රන් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 91ක් පමණ වන බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවැසීය.

සැකකරු රේගු භාරයට ගෙන විමර්ශන සිදු කරන බවද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කර සිටියේය.

නව අදහස දක්වන්න