"චීන ශ්‍රී ලංකා මිත්‍රත්වයේ පදනම බුදු දහමයි. ලෝකයේ විශාල අර්බුද තියෙන කාල වකවානුවල පවා චීනයයි ශ්‍රී ලංකාවයි අතර තිබුණේ ඉතාම දැඩි මිත්රශීලීභාවයක්." යැයි ආචාර්ය අමෝග්රවජ්ර පිළිබඳ ජාත්‍යන්තර විද්වත් සම්මන්ත්‍රණය හා ශ්‍රී ලංකා චීන සංස්කෘතික ප්‍රදර්ශනය අමතමින් බුද්ධශාසන හා අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළේය.
ආචාර්ය අමෝග්රවජ්ර පිළිබඳ ජාත්‍යන්තර විද්වත් සම්මන්ත්‍රණය සහ ශ්‍රී ලංකා චීන සංස්කෘතික ප්‍රදර්ශනය ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගෝල්ෆේස් හෝටලයේ දී පැවැත්විණි.
අතිපූජනීය මහා සංඝරත්නය, චීන බෞද්ධ පූජක උතුමාණන් වහන්සේලා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා, බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම්, චීනයේ විශේෂ නියෝජිතයෝ මේ අවස්ථාවට එක්ව සිටියහ. මේ අවස්ථාව චීන ශ්‍රී ලංකා සහ ඉන්දියානු සංස්කෘතික අංගවලින් හැඩගැන්විණි.
එහි දී බුද්ධශාසන අමාත්‍යාංශයෙන් ක්‍රියාත්මක උතුරු නැඟෙනහිර වකුගඩු රෝගයෙන් පීඩිත ජනතාව වෙනුවෙන් ප්රතිආශ්රිතකරණ ජල පෙරණ යන්ත්‍ර ස්ථාපිත කිරීමේ වැඩසටහන තවදුරටත් ශක්තිමත් කරමින් චීන ආධාර යටතේ ජල ප්‍රේරණ යන්ත්‍ර 50ක් ලබාදීම මෙහි දී සිදු වූ අතර ශ්‍රී ලංකාවේ අමෝග්රවජ්ර පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට රුපියල් ලක්ෂ 05ක මුදලක් ද ඇමැතිවරයා වෙත පිරිනමනු ලැබිණි.
අදහස් 1ක් ඇත
චීන මිත්‍රත්වය
නව අදහස දක්වන්න