රසායන විද්‍යා ප්‍රශ්න විභාගයට කලින් මුද්‍රණය කරලා නෑලු - UPDATE | දිනමිණ

රසායන විද්‍යා ප්‍රශ්න විභාගයට කලින් මුද්‍රණය කරලා නෑලු - UPDATE

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් පිට වී ඇති බව කියන සිද්ධියට අදාළව අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

අධ්‍යාපන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ අදාළ ප්‍රශ්න විභාගයට පෙර අදාළ ගුරුවරයා විසින් මුද්‍රණය කර බෙදා හැරීමක් සිදු කර නොමැති බවයි.

ප්‍රශ්න පත්‍ර පිටවීම සම්බන්ධයෙන් 02ක් අත්අඩංගුවට - update

උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර පිට වූ බවට පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් දෙදෙනා උපකාරක පන්ති ගුරුවරයෙකුගේ පියෙකු සහ ඔහුගේ සහෝදරයෙකු බව ද සදහන්.

උසස්‌ පෙළ රසායන විද්‍යාව (II) ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයක්‌ සම්පූර්ණයෙන්මද, තවත් ප්‍රශ්න දෙකක කොටස්‌ද පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයකු විසින් මුද්‍රණය කරනු ලැබ විභාගය අවසන් වූ මොහොතේම බෙදා හැරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් පොලිසිය පරීක්‍ෂණ පවත්වනු ලැබීය.

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...