සමස්තලංකා ඖෂධසල් හිමියන්ගේ සංගමයේ රැස්වීම ඉංගිරියේදී | දිනමිණ

සමස්තලංකා ඖෂධසල් හිමියන්ගේ සංගමයේ රැස්වීම ඉංගිරියේදී

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් කෂණිකව ඖෂධ මිල අඩු කිරීම තුළින් විශාල ගැටලු සහගත තත්ත්වයකට අපට මුහුණ දීමට සිදුවුණා. දෛනික ලාභ ප්‍රතිශතය අඩුවුණා. ඖෂධ ශාලා පවත්වාගෙන යාමට නොහැකි වුණා. රට හා ජනතාව ගැන හිතල සියලු ගැටලුවක්ම විඳ දරාගෙන සිටියා. රටේ ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් අපි කැප කිරීමෙන් කටයුතු කළා.

ඒත් කිසිඳු වැඩ වර්ජනයක් හෝ උදඝෝෂණයක් නොකර අපි අපේ ඉල්ලීම් දිනාගත්තා . අද වන විට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිතුමාගේ මැදිහත්වීම මත ඖෂධවල සිල්ලර ලාභ ප්‍රතිශතය වැඩිකර තිබෙනවා. ජනාධිපතිතුමාගේ හා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ මැදිහත්වීම මත මේ වන විට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සිල්ලර වෙළෙඳසල් සහ තොග වෙළඳසල් ලියාපදිංචි ගාස්තු අඩුකර තිබෙනවා යැයි සමස්ත ලංකා ඖෂධ සල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගංකන්ද මහතා පැවසීය.

ඒ මහතා එසේ ප්‍රකාශ කළේ පසුගිය දා හොරණ වෙස්ටන් උත්සව ශාලාවේ පැවති සමස්තලංකා ඖෂධසල් හිමියන්ගේ සංගමය මගින් පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.

මේ අවස්ථාවට එම සංගමයේ ලේකම් සම්පත් කොතලාවල, මාධ්‍ය ලේකම් චාල්ස් රවි, උප සභාපති ඩී. එල්. ලියනගේ, කළුතර දිස්ත්‍රක් ඖෂධ වෙළඳසල් හිමියන්ගේ සංගමයේ ලේකම් එච්. ඩී. එස්. සුරංග යන මහත්වරු එක්ව සිටියහ.

චන්දික ගංකන්ද මහතා - වත්මන් රජය මගින් ප්‍රධාන ඖෂධ 48ක මිල අඩුකර තිබෙනවා. විවිධ වෙළඳ නම් වලින් බලනවිට ඖෂධ වර්ග 2000කට අධික ප්‍රමාණයක මිල අඩුකර තිබෙනවා. ලංකාවේ දිස්ත්‍රික් 25කට ඖෂධ හිමියන්ගේ ජාලයක් තිබෙනවා. අපගේ සංගමය පිහිටුවා වසර දෙකක් වුවත් ක්‍රියාකාරි ජාලයක් තිබෙනවා. ලංකාවේ තොග වෙළඳසල් 780කඅත් සිල්ලර ඖෂධ වෙළෙඳසල් 3400ක් පමණ තිබෙනවා.

සංගමයේ ලේකම් සම්පත් කොතලාවල මහතා - රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති තුමාගේ මැදිහත් වීමෙන් ඖෂධ සිල්ලර වෙළඳ ලාභ ප්‍රතිශතය 15% සිට 18% දක්වා වැඩිකළා. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තොග වෙළඳාම් ලියාපදිංචි කිරීමේ රුපියල් 49,000ක් වූ ලියාපදිංචි ගාස්තු 10,0000 දක්වාත් රුපියල් 19 දහසක් වූ සිල්ලර ඖෂධ වෙළෙඳසල් ලියාපදිංචි ගාස්තු 7500 දක්වා අඩුකර තිබෙනවා.

මීට අමතරව එදා පිළිකා රෝගියකු වෙනුවෙන් වැය කළේ රුපියල් ලක්ෂ 15ක් පමණයි. නමුත් අද රෝගියා මිය යන තුරුම නොමිලයේ ප්‍රතිකාර කරනවා. හදවත් සැත්කම් (Stens) සඳහා මිල පෞද්ගලික රෝහල්වල අඩුකර තිබෙනවා. රජයේ රෝහල්වල සියලුම ප්‍රතිකාර නොමිලයේ ලබා දෙනවා. අක්ෂි කාචවල මිල අඩු කළා.

වෛද්‍ය නිර්දේශ නොමැතිව ඖෂධ නිකුත් කිරීම පිළිබඳව. මේ වන විට සොයා බැලීමේ ගැටලු ඇත්නම් පහත සඳහන් දුරකථන ඔස්සේ දැනුම් දෙන්න. සම්පත් කොතලාවල 0777-531025, දේශමානය චන්දික ගංකන්ද - 077 3017178.

 

සටහන සහ ඡායාරූපය
ඉංගිරිය සමූහ කුමාරිගමගේ 

 

නව අදහස දක්වන්න