ඇල්පිටිය කරන්දෙණිය හිමිකම් ඔප්පු ප්‍රදානය අද | දිනමිණ

ඇල්පිටිය කරන්දෙණිය හිමිකම් ඔප්පු ප්‍රදානය අද

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ ඉඩම් අයිතිය නොමැතිව කාලයක් පදිංචිව සිටි පුද්ගලයන්ට හිමිකම් ඔප්පු බෙදාදීමේ කඩිනම් ජාතික වැඩසටහන් මාලාවේ සමාරම්භ උත්සවය අද (21) වනදා ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මේ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ බෙන්තර ඇල්පිටිය සහ කරන්දෙණිය යන ප්‍රදේශවල ඉඩම් අයිතිය නොමැතිව කාලයක් පදිංචිව සිටි පුද්ගලයන්ට හිමිකම් ඔප්පු 4000 ක් පමණ බෙදාදීමට කටයුතු යොදා ඇත.

නව අදහස දක්වන්න