ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බිනෝයි සුරේන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි | දිනමිණ

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බිනෝයි සුරේන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු හා දිනමිණ හිටපු සම කර්තෘවරයකු වූ බිනෝයි සුරේන්ද්‍ර (76) මහතා ඊයේ (20) අභාවප්‍රාප්ත විය.

ලේක්හවුස් ආයතනයේ දිනමිණ කර්තෘ මණ්ඩලයේ වසර 36ක් පමණ සේවය කළ බිනෝයි සුරේන්ද්‍ර මහතා දක්ෂ උපකර්තෘවරයෙකි. ඒ මහතාට ආකර්ෂණීය සිරස්තල දැමීම මෙන්ම පිටු සැකසුම පිළිබඳ හසල දැනුමක් තිබිණි.

ලේක්හවුස් ආයතනයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ඒ මහතා ඉරුදින පුවත්පතේද වසර කීපයක් සේවය කළේය. ඒ මහතා ලේක්හවුස් ආදිවාසීන්ගේ එකමුතුව පිහිටුවීමට පුරෝගාමී වූ අතර එහි ප්‍රධාන කැඳවුම්කරුවකු විය. බිනෝයි සුරේන්ද්‍ර මහතා මෙරට සිටි සුප්‍රසිද්ධ පුවත්පත් කතුවරයකු වූ සයිරස් ඩබ්ලිව්. සුරේන්ද්‍ර මහතාගේ එකම පුතනුවන් විය.

ආයුර්වේද ‍වෛද්‍යාචාරිනී මල්ලිකා හේමලතා පෙරේරා මහත්මිය සමඟ විවාහවී සිටි ඒ මහතා දියණියන් තිදෙනකුගේ සහ පුතෙකුගේ පියෙකු විය. ලේක්හවුස් ආයතනයේ මිහිර කර්තෘ මණ්ඩලයේ මාධ්‍යවේදිනී ආත්මා සුරේන්ද්‍ර මහත්මිය ඒ මහතාගේ දියණියක වූ අතර ඩේලිනිවුස් පුවත්පතේ සමිත කැලුම් මහතා ඔහුගේ බෑනනුවන් විය.

දේහය අංක 169 කිත්තම්පහුව, වැල්ලම්පිටිය (සේදවත්ත පාර) ලිපිනයේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.

නව අදහස දක්වන්න