Sony ඩිජිටල් ඡායාරූප ප්‍රදර්ශනාගාරයක් ශ්‍රී ලංකාවේ විවෘත වෙයි | දිනමිණ

Sony ඩිජිටල් ඡායාරූප ප්‍රදර්ශනාගාරයක් ශ්‍රී ලංකාවේ විවෘත වෙයි

Sony International (Singapore) සමාගම සිය බෙදාහරින්නා වන CameraLK පුද්ගලික සමාගම එක්ව නවතම Sony ඩිජිටල් ඡායාරූප ප්‍රදර්ශණාගාරයක් ශ්‍රී ලංකාවේ ආරම්භ කරයි.

වර්ග අඩි 2000ක පමණ පුළුල් පරාසයක විහිදුණු මෙම නවතම ප්‍රදර්ශනාගාරය Sony Camera Flagship Store ලෙස හඳුන්වයි. කොළඹ 5, හයිලෙවෙල්පාරේ අංක 263 දරන ස්ථානයේ මෙම ප්‍රදර්ශනාගාරය පිහිටුවා තිබේ. Alpha digital කැමරා මාදිලි සියල්ලක්ම මෙහිදී අලෙවි කරන අතර Sony camera bags, flash units සහ battery grips ආදී සියලුම කැමරා උපාංග එකම වහලක් යටදී පහසුවෙන් ලබාගැනීමෙට මෙහිදී අවස්ථාව සලසා තිබේ.

ඡායාරූපකරණ උපාංග වලට අමතරව Sony headphones, Bluetooth speakers සහ Playstation 4 gaming console,මෙන්ම games සහ අමතර උපාංගද මෙම ප්‍රදර්ශනාගාරයේදී මිලදී ගත හැකිය.

මෙම සමාර්ම්භක අවස්ථාවට එක්වෙමින් CameraLK පුද්ගලික සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ අනුෂ්ක ගුණසිංහ මහතා සඳහන් කළේ CameraLK හා Sony එක්ව ආරම්භ කළ මෙම නවතම මධ්‍යස්ථානය ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් වෙත ලැබුණු ස්වර්ණමය අවස්ථාවක් ලෙස සලකන බවයි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුෂ්ක ගුණසිංහ මහතා පෙන්වා දුන්නේ Sony හි ඩිජිටල් ඡායාරූපකරණ නිෂ්පාදන මිළදී ගැනීමේදී සහ බෙදාහැරීමේදී නව තාක්ෂණික විශේෂඥ දැනුම ලබාදීමට ද මෙහිදී අවස්ථාව හිමිවන බවයි. මෙම නව මධ්‍යස්ථානය මෙරට ඡායාරූප ලෝලීන්ගේ අවශ්‍යතා සියල්ල එකම වහලක් යටදී සපුරාලන අනගි අවස්ථාවක් බවද හෙතෙම පෙන්වා දුන්නේය.

නව අදහස දක්වන්න