ලොව හැඩ කරන අමුතු මල් | දිනමිණ

ලොව හැඩ කරන අමුතු මල්

සොබාදහම නිර්මාණය කර දුන් අපූරු නිමැවුමක් වන මල්, අප පරිසරයට කැන්දන්නේ අමුතුම චමත්කාරයකි. මල් වර්ග රාශියකින් ම, මිනිස්,සත්ව හෝ වෙනත් ද්‍රව්‍යයක හැඩතල අපූරුවට නිර්මාණය වී තිබෙනබව දැකගත හැකි ය.ඕකිඩ් වර්ගයේ ‘උඩරට නැට්ටුවා’හෙවත් කැන්ඩියන් ඩාන්සර් මල නැට්ටුවකුට සමාන ය. ‘ගෝණුසු මල’ ද එවැන්නකි.

මේ මලෙහි සුවඳ ඇත්තේ වලිග කොටස කෙළවරේ ය.ගෝණුස්සාගේ විෂ ඇත්තේ ද වකුටු වූ වලිගයේ ය.’බලු නගුට’ මල, නරි වලිගය හෙවත් ‘ෆොක්ස් ටේල්’ මල,පූස් නකුට , ‘ඇත් හොඬ මල’ සහ ‘පරෙවි මල’ මෙයට තවත් උදාහරණ ය.

නයි පෙණයක හැඩය ගත් ‘නාග මල’, ඉගිලෙන තාරාවෙකු බඳු ‘‍ෆ්ලයින් ඩක්’,නග්න කාන්තා රුවක් බඳු ‘නාරිලතා මල්,රඟන ළියක බඳු ‘ඩාන්සර් මල’,වඳුරු මුහුණක් වැනි ‘මන්කි ෆ්ලවර්’ ,පියාසර කරන සුදු රාජාලියෙකු බඳු ‘‍ෆ්ලයින් ඊගල්’ මල මෙන් ම ඇටසැකිල්ලක මුහුණට සමාන ‘මිනී ඔළුව’ මල ද, වවුලකුගේ මුහුණට සමාන ‘බැට් ‍ෆ්ලවර් මල’,මකුළුවකු බඳු ‘ස්පයිඩර් ඕකිඩ් මල’ සහ ‘සමනල මල’ ද, කැලිෆෝනියාවේ නාගයකු බඳු ‘කෝබ්රා මල’ ද සොබාදහමේ අපූර්වතම නිමැයුම් ය.

නිමල් විජයතුංග
ඇහැලියගොඩ විශේෂ

 

 

 

නව අදහස දක්වන්න