උ/පෙ ප්‍රශ්න පත්‍ර සිද්ධිය-තවත් සැකකරුවෙක් දැලේ | දිනමිණ

උ/පෙ ප්‍රශ්න පත්‍ර සිද්ධිය-තවත් සැකකරුවෙක් දැලේ

මෙවර උසස් පෙළ විභාගයේ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයට අදාළ ප්‍රශ්න කිහිපයක් අඩංගු අත්පත්‍රිකාවක් බෙදා හැරීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
 
එම අත් පත්‍රකාව මුද්‍රණය කළ මුද්‍රණාලයේ හිමිකරු මෙලෙස අත්අඩංගුවට ගත් බව ගම්පහ පොලීසිය සඳහන් කළේය.
 
ගම්පහ  ප්‍රදේශයේ විභාග ශාලාවක රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයට පෙනී සිට පිටතට පැමිණි සිසුන්ට ප්‍රශ්න පත්‍රයේ අඩංගු ප්‍රශ්න කොටස් කිහිපයක් ඇතුළත් කර අත් පත්‍රිකා බෙදා හැර ඇති බවට පසුගියදා පොලිසියට පැමිණිලි ලැබී තිබුණි.
 
ඒ අනුව මේ සම්බන්ධයෙන් ගම්පහ පොලීසිය  විමර්ශනයක් ආරම්භ කළ අතර සිද්ධියට අදාළ උපකාරක පන්ති ගුරුවරයා ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව වාර්තා වෙයි.
 
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් එම උපකාරක පන්ති ගුරුවරයාගේ පියා සහ සහෝදරයා ඊයේ(21) දිනයේ ගම්පහ පොලීසිය විසින් අත්ඩංගුවට ගෙන තිබුණි.

නව අදහස දක්වන්න

Or log in with...