දෝනි සංගා සම කරයි | දිනමිණ


 

දෝනි සංගා සම කරයි

ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනි , ක්‍රීඩක කුමාර් සංගක්කාරගේ ලෝක වාර්තාවක් සම කර ඇත.

ඒ එක්දින පිටියේ කඩුලු රකින්නෙකු වාර්තා කළ වැඩිම ස්ටම්ප් ප්‍රමාණයේ වාර්තාව වේ.

එක් දින තරග 404කට ක්‍රීඩා කර ඇති සංගක්කාර එහිදී ස්ටම්ප් කිරීම් 99ක් ලබා ගෙන තිබුණි.

ඊයේ(24) ශ්‍රී ලංකා කණ්ඩායමේ දනුෂ්ක ගුණතිලකව ස්ටම්ප් කිරීමකට හසුකරගත් දෝනි, එම වාර්තාව සම කළ අතර එක්දින තරග 298කදී ඔහු මෙම දක්‍ෂතාව පළ කර තිබුණි.

අදහස් 1ක් ඇත

My selection: 1) NIroshan 2) Danushka 3) Mendia 4) Milinda 5) Kusal Janith 6) Anjelo 7) Asela 8) Wanidu 9)Thisara 10 ) Akila 11) Malinga

නව අදහස දක්වන්න