ප්‍රසන්න-පවිත්‍රා-සනත්-රෝහිත ලොහාන්-දිළුම් ඇතුළු 07කට දැඩි විනය ක්‍රියාමාර්ග | දිනමිණ

ප්‍රසන්න-පවිත්‍රා-සනත්-රෝහිත ලොහාන්-දිළුම් ඇතුළු 07කට දැඩි විනය ක්‍රියාමාර්ග

ස්වර්ණා විජේකෝන්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් ලෙස සිටිමින් පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කටයුතු කිරීම, පක්ෂයේ විනය කඩකිරීම, වෙනත් පක්ෂ ප්‍රවර්ධනය ආදී චෝදනා ගණනාවක් යටතේ මන්ත්‍රීවරුන් පිරිසකට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇතැයි පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග, පවිත්‍රා වන්නිආරච්චි, සනත් නිශාන්ත, රෝහිත අබේගුණවර්ධන, ලොහාන් රත්වත්ත, දිළුම් අමුණුගම ඇතුළු හත් දෙනකු වෙනුවෙන් මෙලෙස ඉදිරි දිනවලදී විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් ලෙස පෙනී සිටිමින් පොහොට්ටුව ප්‍රවර්ධනය, එම පක්ෂය වෙනුවෙන් සාමාජිකයන් බඳවා ගැනීම,  රැස්වීම් සංවිධානය කිරීම ආදි චෝදනා රැසක් මෙම මන්ත්‍රීවරුන් පිරිසට එල්ල වී චෝදනා වේ.

පක්ෂ ව්‍යවස්ථාව අනුව, පක්ෂයේ සාමාජිකයන් ලෙස සිටිමින් වෙනත් පක්ෂයක් ප්‍රවර්ධනය, ඒ වෙනුවෙන් සාමාජිකයන් බඳවා ගැනීම, ආදිය සිදුකළ නොහැකි අතර මෙම පිරිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බරපතළ ලෙස විවේචනය කිරීම ද සිදුකරන බැවින් මෙලෙස විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර තිබේ.

නව අදහස දක්වන්න