සුවද හමන පුංචි කැකුලක් | දිනමිණ

සුවද හමන පුංචි කැකුලක්

මේ ඉන්න පුංචි වෙළෙන්දි සයුරි ගිම්හානි. ඇය අපිට හමුවුනේ ගලේවෙල කැකිරාව පාරේ  බුදුගේහින්න ආසන්නයේ කුඩා වෙළද සැලකදි.
 
මේ පුංචි දූගෙන් පවුලේ කවුරුත් වැඩ ගන්නේ නෑ. ඒත් ඇය ඇ‍ගේ කිරිඅම්මට උදව්ව වෙන්නේ මේ ආකාරයෙන්...
 
ඇය රටකජු කිරල බැග්වලට අසුරනව. පුංචි පුංචි වැඩකරල දෙනවා.
 
ඇයගේ කිරිඅම්ම ටී.එම් .චන්ද්‍රා කුමාරිහාමි. ඇය කාන්තා කාර්යංශයේ සහයෙන් ස්වයං රැකියාවක් හැටියට පුංචි  කඩයක් පටන් අරන් පොඩිවට වෙළදාමක් කරණ කෙනෙක්.
 
නිවාඩු කාලේ හැම දවසේම පුංචි සයුරි ටික වෙලාවක් කිරි අම්මට මේ විදියට උදව්ව කරනවා කියලත්, සයුරි ඉගෙන ගන්නත් දක්ෂයි  කිව්වේ ඇගේ අම්ම චන්ද්‍රාණි කුමාරි.
 
බුදුගේහින්න මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලබන සයුරි තාමත් පළමු වසරේ සිසුවියක් .
 
‍අනෙක දුක් පීඩා විද තම දූ දරුවන් හදා වඩා උගන්වා කිරුලු පැලදවු පසු, තම දෙමාපියන්ට වැඩිහිටියන්ට නොසලකා හරින ඔවුන්ව හුදකලා කරණ වත්මනේ , අවුරුදු හයක් වයසැති සයුරි ගිම්හානි ගේ ක්‍රියාව දුටුවිට හිතුනේ හැදෙන ගහ පෙත්තෙන් දැනෙයි කියන පැරණි කියමනයි.
 
තාක්ෂණික දියුණුවත් සමග හොද දේට වඩා ඉක්මනින් නරක අනුකරණය කරන්නට දක්ෂ අපේ රටේ පුරවැසියන් විසින්, විශ්ව ගම්මාන සංකල්ප හමුවේ අපේ ගුණ දර්මවලට,  ආධ්‍යාත්මයට  මහත් බලපෑම්  කරමින් සිටින බව  නොරහසකි.
 
තම දරුවන්ට ලේ කිරිකර පොවා හදා වඩා යහමග  පෙන්වු පසු , ඔවුන් විසින් තම දෙමාපියන්ට වදහිංසා පැමිණවීම්,  අතහැර දැමිම් ,නොසලකා හැරිම් දිනෙන් දින වැඩි වෙමින් පවතින බව මාධ්‍යවලින් රටටම හුවා දක්වන අවදියක, කුඩාකලම ලොවට ගුණදම් පෙන්වන සයුරි ගිම්හානි දියණියේ  ඔබ අනාගතේ  කවුරුන් වෙනවද කියන බොලද ප්‍රශ්ණය මම  නුබෙන් අහන්නේ  නෑ .
 
ඒත් නුබ වැනි ගුණදර්ම  රැදි පුංචි මල් දහස් ගනනින් මේ  රටේහි පිපෙන්නට අවැසි බව නම්  සදහන් කලයුතුමය .
    
-නිරෝධනි වනසිංහ
   

නව අදහස දක්වන්න