මාතර සාන්ත සර්වේශස් 17න් පහළ පාසල් ක්‍රිකට් ශූරතාව දිනා ගනී | දිනමිණ

මාතර සාන්ත සර්වේශස් 17න් පහළ පාසල් ක්‍රිකට් ශූරතාව දිනා ගනී

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සිංගර් ශ්‍රී ලංකා ආයතනයේ අනුග්‍රහයෙන් සංවිධාන කළ අන්තර් පාසල් අවුරුදු 17න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මාතර සාන්ත සර්වේශස් විදුහල සමත් විය.

මුවර්ස් පිටියේ පැවැති අවසන් තරගයෙන් කටුගස්තොට සාන්ත අන්තෝනි විදුහලට එරෙහිව ලකුණු 209ක විශිෂ්ට ජයක් වාර්තා කළ සාන්ත සර්වේශස් විදුහල මේ ශූරතාව දිනාගත් පළමු අවස්ථාව ලෙස මෙය සටහන් වෙයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් සා.සර්වේශස් විදුහල ලකුණු 278ක් රැස්කළ අතර පිළිතුරු ලෙස සා.අන්තෝනි විදුහලට සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 69ක් පමණි.

සා.සර්වේශස් විදුහල වෙනුවෙන් පුෂ්පිත ඩිල්ෂාන් ලකුණු 56ක් රැස්කළ අතර ශෂික දුල්ෂාන් සමග එක්ව 5වැනි කඩුල්ලට ලකුණු 87ක සබඳතාවක් ගොඩනැගීමට සමත් විය. ශෂික ලකුණු 45ක් රැස්කළ අතර පුෂ්පිත ගේ ඉනිම පන්දු 86කදී හතරේ පහර 6ක් හා හයේ පහර 2කින් වර්ණවත් විය. වේගවත් ඉනිමක් දියත් කළ පසන් තත්සර පන්දු 16කින් ලකුණු 48ක් රැස්කළේ හතරේ පහර 6ක් හා හයේ පහරක් සමගිනි.

පන්දු යැවීමේදී සසිත් හිරුදික කඩුලු 3ක් දවාගත්තේය.තීක්ෂණ ගුණසිංහ ලකුණු 22ක් රැස්කරමින් සා.අන්තෝනි ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය. සා.අන්තෝනි ඉනිම බිඳ දැමු කේෂර නුවත් ලකුණ 10කට කඩුලු 5ක් දවාගත් අතර ඔහුට අනගි සහයක් ලබාදුන් ශෂික දුල්ෂාන් ලකුණු 5කට කඩුලු 3ක් බිඳ දැමීය. සාන්ත සර්වේශස් පිල කොළඹ නාලන්දා විදුහල පරාජය කරමින් අවසන් තරගයට පිවිසි අතර සාන්ත අන්තෝනි විදුහල අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේ කොළඹ රාජකීය විදුහල පරාජය කරමිනි. මේ අවස්ථාවට විදුහල් දෙකේ විදුහල්පතිවරුද, හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා ඇතුළු ආදි සුසින් පිරිසක්ද එක්ව සිටියහ.


අදහස් 1ක් ඇත

WHAT DID HAPPEN U 17 DIVISION TWO FINAL? ...WHAT ARE YOU DIDN'T REPORT THAT ?

පිටු

නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...