නුවරඑළිය ග්‍රෙගරි වැව ආශ්‍රිත මත්කුඩු ජාවාරමක් | දිනමිණ

නුවරඑළිය ග්‍රෙගරි වැව ආශ්‍රිත මත්කුඩු ජාවාරමක්

නුවරඑළිය ග්‍රෙගරි වැව ආසන්නයේ හෙ‍රොයින් ඇතුලු මත්කුඩු ජාවාරමක් සිදු කරන බවට තොරතුරු ලැබී ඇතැයි මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ජී.එම්.එම්. පියසිරි මහතා පවසයි. ඒ මහතා ‍පැවසුවේ පසුගියදා පැවැති නුවරඑළිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී එහි සම සභාපතිවරයකු ලෙස සහභාගී වෙමිනි. එහිදී නුවරඑළිය පොලිසිය නියෝජනය කරමින් පැමිණ සිටි නිලධාරියා අමතමින් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ ග්‍රෙගරි වැව නැරඹීම සඳහා දිනපතා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් ඉලක්ක කරගෙන මෙය සිදුවන බවයි.

මන්ත්‍රී ජී.එම්.එම්. පියසිරි මහතා මෙසේද කීය. පෝනි රයිඩ් අරගෙන යන්න ඉන්න අයගේ මූණවල් දිහා බලන්න. අහල බලන්න මොනවද බීලා ඉන්නේ කියල. ඒ වාගේ වැව ඇතුළේ එක එක ව්‍යාපාර කරන කීප දෙනෙක් එම ව්‍යාපාරවලට මුවාවෙලා මෙම මත් කුඩු බිස්නස් එක කරගෙන යන බවට ඉතාමත් විශ්වාසවන්ත තොරතුරු අපිට ලැබිලා තියෙනවා.


නව අදහස දක්වන්න

Or log in with...