හලාවත රිදීවැල්ලේ ඉදිකළ අවු ආවරණයට දෙපිරිසක් ගැටෙති | දිනමිණ

හලාවත රිදීවැල්ලේ ඉදිකළ අවු ආවරණයට දෙපිරිසක් ගැටෙති

මුන්නේශ්වරම සමුහ ඊ.සි.ප්‍රනාන්දු

විමධ්‍යගත අරමුදලින් ඉදි කරමින් තිබු අව් ආවරණයක් සම්බන්ධයෙන් ධීවරයන් දෙපිරිසක් අතර පැවැති ගැටුමක් නිසා හලාවත නගරයේ ධීවරයෝ මුහුදු යාමෙන් වැළකී සිටියහ.

හලාවත රීදීවැල්ල කළපු ඉවුරෙහි රුපියල් හාර ලක්ෂ පනස් දහසක මුදලක් වැය කර මෙම අව් ආවරණය ඉදි කර තිබු අතර වැල්ලේ ධීවරයන් ඊට පල කළ විරෝධයට නිසි ප්‍රතිචාරයක් නොලද බැවින් ධිවරයන් පිරිසක් එම අව් ආවරණය කඩා බිඳ දමා ගිය බවට හලාවත පොලිසියට පැමිණිල්ලක් ද ලැබි තිබිණි .

මේ සම්බන්ධයෙන් වගකිව යුතු අංශ නිසි පියවර නොගැනීම නිසා වැල්ලේ ධීවර සමිති විසින් මුහුදු යාමෙන් වැළකී සිටීමට පියවර ගෙන තිබූ අතර ධීවරයන් මුහුදු යාමෙන් වැළකී සිටියත් එයින් පාරිභෝගිකයන්ට කිසිදු බලපෑමක් ඇති නොවු අතර වෙනත් ප්‍රදේශවල සිට ගෙන එන මාලු වර්ග හලාවත මාලු වෙ‍ළෙඳ පොළේ අලෙවියට තිබු බැවින් පාර්භෝගිකයන් සිය මත්ස්‍යය අවශ්‍යතා සම්පූර්ණ කර ගනු දැක ගත හැකි විය .පංගු ක්‍රමයට මුහුදු යන ධිවරයන් දැල් තෝරන කම්කරුවන්ට මෙම මුහුදු නොයාම නිසා පාඩු සිදුවු බව ඔවුහු පෙන්වා දුන්හ.

කිසිදු ගැටුමක් ඇති නොවනු පිණිස හලාවත පොලිසිය හලාවත කළපු ඉවුර අවට විශේෂ ආරක්ෂක සේවාවක් ක්‍රියාත්මක කර තිබිණි.මේ අතර මෙම ගැටුමට මුලු වු දෙපාර්ශවය හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත කැඳවා පැවැත්වු සාකච්චාවකින් පසු විරෝධය අත්හැර මුහුදු යාමටත් කඩා බිද දැමු ධීවර ආවරණය සම්බන්ධයෙන් තක්සේරුවක් සිදු කර වගකිව යුතු අංශවෙතින් එම අලාභය අය කර ගැනීමටත් සියලු දෙනා පොදු එකගතාවකට පැමිණි බවත් හලාවත පොලිසිය කීය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...