ද.අධිවේගී මාර්ගයේ ගාලු පිවිසුමේ වර්ණ සංඥා පද්ධතිය ඉවත් කිරීමෙන් ගැටලු | දිනමිණ

ද.අධිවේගී මාර්ගයේ ගාලු පිවිසුමේ වර්ණ සංඥා පද්ධතිය ඉවත් කිරීමෙන් ගැටලු

ගාල්ල උතුර සමූහ - දික්වැල්ලේ තිලකරත්න

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාලු පිවිසුම පිහිටි දෙවට ප්‍රදේශයේඉදි කළ වර්ණ සංඥා පද්ධතිය මීට සතියක පමණ කාලයක සිට ඉවත් කරනු ලැබීම හේතුවෙන් එම ස්ථානයේ දැඩි අනතුරු දායක තත්වයක් ඇති වී තිබේ.

ගාල්ල නගරයේ සිට මෙන්ම මාතර දෙසින් ගාලු පාරේ එන රථවාහන දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුම් මගට ඇතුල්වන මෙම පිවිසුම අසළ තිබූ මෙම වර්ණ සංඥා පද්ධතිය ඉවත් කිරීම හේතුවෙන් මෙම ස්ථානයේ කොයි වේලේ හෝ අනතුරක් සිදුවීමේ දැඩි අවදානමක් පවතින බව රියැදුරෝ ප්‍රකාශ කරති.

මෙම ස්ථානයේ වර්ණ සංඥා පද්ධතිය ඉවත් කරනු ලැබූවද මෙහි රථවාහන හැසිරවීම සඳහා පොලිස් රථවාහන නියාමක වරයකු හෝ යොදවා නොතිබීම බරපතළ තත්වයක් බව රියැදුරන්ගේ මතය වී තිබේ.

මේ සම්බන්ධයෙන් අප මාර්ග සංවර්ධන අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් ඉංජිනේරු විපුල කරුණාරත්න මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ මෙම වර්ණ සංඥා පද්ධතිය අලුත් වැඩියා කටයුත්තක් සඳහා ඉවත් කරනු ලැබූ බවයි.

දකුණු අධිවේගී මාර්ග යේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කහටපිටිය මහතාගෙන් අප කළ විමසුමකදී මෙම වර්ණ සංඥා පද්ධතියේ යකඩ කණු දිරා යාම නිසා අලුත්වැඩියාවක් කිරීමට එය ඉවත් කිරීමට සිදුවූ බවයි.

සති දෙකක් තුල නැවතත් මෙම වර්ණ සංඥා පද්ධතිය ස්ථාපනය කිරීමට කටයුතු කරන බවද හෙතම වැඩිදුරටත් පැවසීය.


නව අදහස දක්වන්න

Or log in with...