රු. ලක්ෂ 150ක වියදමින් දඹුල්ලට සංවර්ධන ව්‍යාපෘති රැසක් | දිනමිණ

රු. ලක්ෂ 150ක වියදමින් දඹුල්ලට සංවර්ධන ව්‍යාපෘති රැසක්

මාතලේ දිස්ත්‍රික් සමුහ - ඒ.ඒ.එල්.ඩයස්

දඹුල්ල නාගරික බල පෙදෙසේ සංවර්ධන ව්‍යාපෘති රැසක් මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ආරම්භ කරන ලදී.

මේ අනුව නගරසභා පොදු අරමුදල යටතේ රුපියල් ලක්ෂ 150ක වියදමින් එම බල පෙදෙස සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි ව්‍යාපෘති 15ක් ක්‍රියාත්මක කෙරේ. මෙවැනි සංවර්ධන ව්‍යාපෘති රැසක් මෙම නගර සභා බල පෙදෙසේ ක්‍රියාත්මක කෙරෙන පළමු අවස්ථාව මෙය බව නගරසභා උසස් නිලධාරි­‍ෙයෙක් පැවසීය. ග්‍රාමසේවා වසම් දහතුනකින් ආවරණයවි ඇති මෙම පෙදෙසේ මාර්ග පිළිසකර කිරීම සදහා මෙහිදි ප්‍රමුඛතාව හිමිවී ඇත. එමෙන්ම මෙයට සමගාමිව දඹුල්ල නගරසභා පරිශ්‍රයේ රස බොජුන් හලක් ඉදිකිරීම සඳහා අවශ්‍ය ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට ද මේ වනවිට කටයුතු යොදා තිබේ. 

 


නව අදහස දක්වන්න

Or log in with...