වසර 10කට වඩා සේවය කළ ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට ස්ථාන මාරු | දිනමිණ

වසර 10කට වඩා සේවය කළ ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට ස්ථාන මාරු

චමීර ඇල්ලදෙණිය

ජාතික පසල් සහ පළාත් පාසල්වල වසර 10කට වඩා සේවයේ නියතු ගුරුවභවතුන් හා විදුහල්පතිවරුන් ලබන ඔක්තෝබර් මාසයේ සිට ස්ථාන මාරු ලබාදෙන බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා අනාවරණය කළේය.

ඒ සඳහා අපට අනුමැතිය ලැබී තිබෙන බවත් මෙය ඔක්තෝබර් මාසය වන විට ක්‍රියාත්මක කරන බවත් අමැතිවරයා සඳහන් කළේය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පෙරේදා (30) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එසේ කී ඇමැතිවරයා පළමුව වසර දහයක් සිටි ගුරුවරුන් හට ස්ථානමාරු ලබාදෙන බවත් ඉන්පසුව වසර පහක් සිටි ගුරුවරු ස්ථානමාරු ලබාදීමට කටයුතු කරන බවත් පැවසීය.

එහිදී අදහස් දැක්වූ අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා,

අද දරුවන් යාන්ත්‍රීකරණය වෙලා තිබෙනවා. එය එකවරම වෙනස් කරන්න බැහැ. වසර දෙකක් අවසන් වූවත් මේ ආණ්ඩුව පත්වූණාට එය වෙනස් කරන්න බැහැ. නමුත් එය වෙනස් කිරීමට අදාළ නිති රාමුව සකස් කරමින් යනවා. ඉදිරි වසර කිහිපය තුළදී අධ්‍යාපන ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදු කරනවා. අපට අවශ්‍ය වෙන්නේ සෑම දෙයටම ඔරොත්තු දෙන පරිසරයක් එක්ක ගෙවන පාසල් සිසු පරපුරක් බිහිකිරීමටයි. ශිෂ්‍ය උපදේශන සේවය ගොඩ නඟා තිබෙනවා. ක්‍රීඩාව කරන අයට ක්‍රීඩාවෙන් විශ්වවිද්‍යාලයට යා හැකියි. විද්‍යාව කරන්න සමත් වුණත් අනෙක් විෂයන් 26න් තුනක් තොරාගත හැකියි. සංචාරක ක්ෂේත්‍රයේ, සංගීත ක්ෂේත්‍රය, රොබෝටික් ක්ෂේත්‍රය, නව නිපැයුම් ක්ෂේය වැනි නව විෂයන් 26ක් උසස් පෙළට අප හඳුන්වා දෙනවා. එහිදී අපොස සාමාන්‍ය පෙළ අසමත් දරුවන්වත් උසස් පෙළ දක්වා අඛණ්ඩ වසර 13ක අධ්‍යාපන රටාවට යොමු කිරිමටත් අපි බලාපොරොත්තු වෙනවා. ප්‍රශ්න පත්‍ර සැකසීමේදී විධීමත් ක්‍රමවේදයක් ඇති කිරීමට කටයුතු කරනවා. මේ වන තෙක් ක්‍රමවේදයෙන් බැහැරට ගිහින් ප්‍රශ්න බැංකුවක් නිර්මාණය කිරිමට සැලසුම් කර තිබෙනවා. අපි සැම විෂයකටම විශේෂඥයන්ගෙන් කමිටුවක් සකස් කර ඒ ඒ විෂයන් පිළිබඳ නව විෂයමාලවන් සකස් කිරීමට පියවර ගත්තා. එය දැන් කරමින් තිබෙනවා. මම අධ්‍යාපන ඇමැතිවරයා ලෙස ඒ සඳහා නායකත්වය දෙනවා. මම අධ්‍යාපන විශේෂඥයෙක් නොවෙයි. ඒ නිසා විශේෂඥයන්ට භාරදී තිබෙනවා. අවසාන තොරතුරු එන පරිගණකය පසුගිය කාලයේ තිබුණේ එක් පුද්ගලයෙකු අතේයි. නමුත් මම එය හතර දෙනකුට ලබාදුන්නා. දැන් ඒ පරිගණකය විවෘත කරන්න පුද්ගලයන් හතරදෙනක් අවශ්‍යයි. පසුගිය කාලයේ හිටිය පරිගණක ක්‍රියකරවන්නා ඇවිත් තිබෙන්නේ බස් රියෙන්. ගිහින් තිබෙන්නේ ප්‍රාඩෝ එකකින්. අපි ඒ පිළිබඳ දැඩි ඍජු තීන්දු තීරණ ගෙන තිබෙනවා.

අපි බඳවා ගැනීම් කිරීම් සියල්ල කර තිබෙන්නේ නිවැරැදි ක්‍රමවේදයටයි. මා අධ්‍යාපන ඇමැතිවරයා වන විට පරිපාලන සේවයේ 852ක් පුරප්පාඩු තිබුණා. ඒ පුරප්පාඩු අපි පිරෙව්වා. විදුහල්පතිවරු 4000ක් හිඟයක් තිබුණා. උපගුරුවරු තමයි වැඩ බැලුවේ. එය අපි නවත්වා විදුහල්පතිවරුන් පත් කළා. සමහර මිලදී ගැනීම්වලත් පසුගිය ආණ්ඩුවේ ප්‍රශ්න තිබුණා. ඒ සියල්ල අපි විසඳුවා. ඩෙස් බංකු ටෙන්ඩර් පටිපාටියට අපි ක්‍රියාත්මක විය යුතුයි. ඩිජිටල් පංතිකාමර එද්දී සෞඛ්‍ය ආරක්ෂිත පොලිමර් වැනි ඩෙස්පුටු සෑදීමට අප කටයුතු කරමින් තිබෙනවා. නමුත් ඩෙස් බංකු හදපු අය එයට විවිධ බලපෑම් එල්ල කරනවා. මොකද ඔවුන්ගේ මිලට වඩා භාගයක් අඩුවෙන් තමයි මේ නව ඩෙස්පුටු අපි නිර්මාණය කරන්න හදන්නේ. අමාත්‍යාංශයේ සමහරුත් විරුද්ධව කටයුතු කරනවා. සමහර තැන්වල ටෙන්ඩර් ගියත් අපි කියනවා අඩු කරන්න කියලා. අපි මේ අමාත්‍යාංශයේ මුදල් ඉතුරු කර කළමනාකරණය කරනවා. මෙතෙක් කල් කඳවුරු බැඳගෙන ඉන්න පිරිස් වලට ඉදිරියට ඒමට අපි ඉඩ දෙන්නේ නැහැ.

උසස් පෙළ දරුවන්ට ටැබ් පරිගණක ලබාදීමට නියමු ව්‍යාපෘතියක් ලබන මාසයේ ආරම්භ කරනවා. ටැබ් පරිගණක සඳහා ටෙන්ඩර් කැඳවා අවසන් කර තිබෙනවා. ලබන වසරේ උසස්ව සාමාන්‍ය පෙළ සමත්ව උසස් පෙළට යන සියලුම දරුවන්ට ටැබ් පරිගණක ලබාදීමට අප කටයුතු කරනවා. ගුරුවරුන්ටත් ටැබ් පරිගණක ලබාදීමට අප කටයුතු කරනවා. ඉගෙනීමට නවීන තාක්ෂණය යොදාගැනීමට අප බලාපොරොත්තු වෙනවා.

ශිෂ්‍යත්ව විභාගය පිළිබඳ මගෙනම් අදහස අහෝසි විය යුතුයි. එය ඇතුළත් වීමේ විභාගයක් බවට පත් කිරිමක් කරන්න පුළුවන් නම් හොඳයි. එයට අප තවත් ශක්තිමත් විය යුතුයි. ළඟම පාසල ව්‍යාපෘතිය සාර්ථක කරමින් නගරයේ තිබෙන පහසුකම් ගමේ පාසලට ලබා දීමෙන් පසුව මෙවැනි තීරණයක් ගන්න පුළුවන්. දැන් ළඟම පාසල විශාල ලෙස සංවර්ධනය කරමින් ගුරුවරුන් ලබාදෙන්නට කටයුතු කරනවා. එතකොට මොණරාගල දරුවට කොළඹ එන්න වුවමනාවක් නැහැ. එවිට දෙමාපියන් ළඟම ඉදගෙන ඉගෙනුම් කටයුතු කරමින් විශ්වවිද්‍යාලයට යා හැකියි. දරුවන්ට සෞඛ්‍ය රක්ෂණාවරයක් ලබාදීමටත් අපි කටයුතු කරනවා. ඉදිරි වසර තුන තුළදී අධ්‍යාපනයේ විශාල වෙනස ඔබලට දැක ගන්න පුළුවන්. අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ කිසියම් වරදක් කළ කිසිම කෙනෙකුට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී ගුරුවරුන් බඳවා ගෙන අධ්‍යාපනය තවත් සංවර්ධනය කරනවා. දරුවන්ට උසස් අධ්‍යාපනය සඳහා අධ්‍යාපන ණයක් ලබාදීමට අපි ඉදිරියේ දී කටයුතු කරනවා.

පාසල්වල වසර 10ක් සිටි ගුරුවරුන්ට ස්ථානමාරු ලබාදීමට කටයුතු කරනවා. විදුහල්පතිවරුනුත් අපි ස්ථානමාරු වෙනවා. ඒ සඳහා අපට අනුමැතිය ලැබී තිබෙනවා. මෙය ඔක්තෝබර් මාසය වන විට ක්‍රියාත්මක කරන්න අපි කටයුතු කරනවා. පාසල්වල සමහර ගුරුවරු ඉන්නේ තමන්ගේ බුදල්වගෙයි. පළමුව වසර දහයක් සිටි ගුරුවරු ඉන් පසුව වසර පහක් සිටි ගුරුවරු ස්ථානමාරු ලබාදීමට කටයුතු කරනවා. පළාත් සභාවේ ගුරුවරු අතිරික්ත ගුරුවරු ජාතික පාසල්වලට ගෙන ගුරු තුලනයක් කරනවා. ඉදිරියේදි විද්‍යාපීඨවල ගන්නා ප්‍රමාණයත් වැඩි කිරීමට අප බලාපොරොත්තු වෙනවා. උපාධි හැදෑරූ අයට එම විෂය පමණක් ඉගැන්විය හැකි ක්‍රමයක් අප හඳුන්වා දෙනවා.

ඡයාරූපය-සමන් ශ්‍රී වෙදගේ 

නව අදහස දක්වන්න