මට නැතිවෙන්න දේකුත් නැහැ අලුතින් ලබාගන්න දේකුත් නෑ | දිනමිණ

මට නැතිවෙන්න දේකුත් නැහැ අලුතින් ලබාගන්න දේකුත් නෑ

තමන් ජීවිතය තුළ කෙදිනකවත් කිසිඳු ලාභ ප්‍රයෝජන පසුපස නොගිය අයකු බවත්, තමන්ට නැතිවීමට හෝ අලුතින් ලබාගැනීමට කිසිවත් නොමැති බවත් අධිකරණ හා විදේශ රැකියා ඇමැතිනි නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළාය.

ඇමැතිවරිය මේ බව සඳහන් කළේ අභිනව අමාත්‍යධුරයට පත්වීමෙන් අනතුරුව විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණි අවස්ථාවේ දී, කාර්යාංශයේ ජාතික සේවක සංගමය විසින් පෙරේදා (30) සංවිධානය කළ පිළිගැනීමේ උත්සවයක් සඳහා එක්වෙමිනි.

එහි දී අදහස් දැක්වූ ඇමැතිවරිය මෙසේද සඳහන් කළාය.

මම අද මෙතන කතා කරන්නේ අධිකරණ ඇමැති හැටියට නෙවෙයි. මම තාම වැඩ භාරගත්තෙත් නෑ. පත්තරවල නම් ගොඩක් මම කතාකරපු ඒවා යනවා. මම හෙට තමයි වැඩ භාරගන්නේ. අපි මේ අමාත්‍යාංශයේ වැඩභාර ගත්ත දවසේ ඉදන් අපිට පුළුවන් උපරිම ශක්තිය යොදවලා මට භාරදීපු අංශය වෙනුවෙන් වැඩකරලා තියෙනවා. ආපහු හැරිලා බලනකොට නොයෙකුත් බාධක හමුවේ අපි ආපු ගමන ගැන සතුටු වෙන්න පුළුවන්. අපි අපේම අයට යමක් කරලා තියෙනවා කියලා. විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් බොහෝ දේවල් කරන්න පුළුවන් වුණා. බෞද්ධයෙක් හැටියට මම ගොඩක් පින් කරගන්න පුළුවන් වුණා. මම මේ අමාත්‍යාංශයේ වැඩ භාරගන්නකොට මට බය හිතුණා. මේ ආයතනය පිළිබඳව මට දීලා තිබුණ චිත්‍රයත් එක්ක, මාව මේ ආයතනයට හඳුන්වලා තිබුණ විදිහත් එක්ක. අද හැම කෙනෙක්ගෙම සහයෝගය ඇතුව කැපවීමෙන් මහන්සියෙන් විදේශ රැකියා ක්ෂේත්‍රය තුළ වෙනසක් කරන්න පුළුවන් වෙලා තියෙනවා. මේ ක්ෂේත්‍රයේ රාජකාරි මම හරිම ආසාවෙන් කරන දෙයක්. කවුරුත් මට මේ අමාත්‍යාංශයෙන් යන්න කියයි කියලත් මම හිතන්නේ නෑ. අපි මේක කරන්නේ ඉතාමත් වුවමනාවෙන්.

මගේ ජීවිතයේ මම කිසිම දවසක් කිසිම දෙයක් පස්සේ ගිහිල්ලා නෑ. ඉල්ලලා අරගෙනත් නෑ. අපි වගේ අය බොහොම පොඩ්ඩයි ඉන්නේ ලොකුකමට කියනවා නෙවෙයි. අපිට නැතිවෙන්න දේකුත් නෑ. හදාගන්න දේකුත් නෑ. නැතිවෙන වෙලාවට හැමදේම නැතිවෙලා තියෙනවා. මගේ ජීවිතයේ මට අහිමි වුණ ලොකුම දේ තමයි මගේ දෙමව්පියෝ. මගේ සහෝදරයා. මට අමුතුවෙන් ලබාගන්න දේකුත් නෑ. ලැබෙනවා නම් ආපහු ප්‍රාර්ථනා කරන්නේ ඒ තුන්දෙනා විතරයි. මට මේ අවස්ථාව ලබාදීලා, තවත් සේවයක් කරන්න ඉඩ සලසලා දීපු ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත් මම ස්තූතිවන්ත වෙනවා. මම මේ ආයතනයේ කිසිම දේශපාලනයක් කරලා නෑ. කරන්නෙත් නෑ. ඒ මගේ ක්‍රමය සමහරු මට දෝෂාරෝපණය කරනවා. දිස්ත්‍රික්කයෙත් අපි එහෙමයි වැඩ කරන්නේ. අපි මනුස්සයො කියන දේ තේරුම් අරන් වැඩකළොත් රටක් හැටියට අපි මුහුණ දෙන ප්‍රශ්නවලින් ජයග්‍රහණය කරන්න පුළුවන්. මම 25 වෙනිදා දිවුරුම් දුන්නා. එදා ? රත්නපුර ගිහින් නාය ගිය අයට තුන් මාසේ බණත් කියලා කෙලින්ම ගියේ අපි අම්පාරේ. මට ඇතැම් අය විහිළු කළා මුස්ලිම් අයට වැඩි කැමැත්තක් තියෙනවද කියලා. අපි දා ගත්ත වැඩසටහන් වෙනස් කරන්න බෑ. රජයක් හැටියට අපි ශ්‍රී ලාංකිකයෝ කියලා හිතාගෙන වැඩ කරන්නේ. ලැබෙන හැම දේකින්ම උපරිම දේ ජනතාවට කරන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ දේට සියලු දෙනාම මට ලොකු සහයෝගයක් ලබාදෙනවා. රජයක් පත්වුණාට පස්සේ මට අහිංසක ළමයි කිහිපදෙනෙක්ට රස්සාවල් දෙන්න පුළුවන් වුණා. දිස්ත්‍රික්කයේ මම නියෝජනය කරන්නේ බොහොම අමාරු ආසනයක්. ගෙවල් ගිනිතියාගෙන, ගුටිකාගෙන පක්ෂයක් නිසා ගොඩක් දේවල් අහිමිවුණ අයට මට උදව් කරන්න පුළුවන් වෙලා තියෙනවා. එහෙම කරන්නේ යු.එන්.පි කාරයට රස්සා දෙන්න නෙවෙයි. අපේ යුතුකමක් ලෙස සලකලා. මීට වඩා මොනදේ ලැබුණත් මම මේ අමාත්‍යාංශයේ කටයුතු ඉතාම වුවමනාවෙන් කරගෙන ආවා වගේම කරගෙන යනවා. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්, සේවකයන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...