අක්ෂිදාන සංගමයේ පහන් පින්කම උත්කර්ෂවත්ව | දිනමිණ

අක්ෂිදාන සංගමයේ පහන් පින්කම උත්කර්ෂවත්ව

සෝමාවතිය චෛත්‍ය වෙත දර්ශනීය පෙරහර ගමන් ගන්නා අයුරු

ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ වාර්ෂික මහා පහන් පින්කම පසුගියදා පොළොන්නරුව ඓතිහාසික සෝමාවතිය සෑ රදුන් අභියසදී පැවැත්විණි.

දිවයිනේ විවිධ ප්‍රදේශවල අක්ෂිදාන ශාඛාවල සාමාජික සාමාජිකාවන් පන්සියයකට අධික පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.

ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ සභාපති ඊ.ඒ. එම්. පී. ‍මොරගස්වැව, ලේකම් අයෝද්‍ය සම්පත් ද සිල්වා භාණ්ඩාගාරික ඩි.ටී. ක්‍රිෂාන්ද මහජන සම්බන්ධතා නිලධාරී ඩී.සී. රණසිංහ යන මහත්වරුන්ගේ සංවිධානත්වයෙන් මේ පහන් පින්කම පැවැත්විණි.

ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයට ඇස් හා පටක දන්දුන් අයගේ ඥාතීන් ද මේ අවස්ථාවට සහභාගී විය. ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ නිර්මාතෘ දොස්තර හඩ්සන් සිල්වා සහ එම මැතිණිය ඇතුළු ඇස් හා පටක පරිත්‍යාග කළ මළගිය අය වෙනුවෙන් මෙම මහා පහන් පින්කම හා කප්රුක් පූජාව පැවැත්වූ බව එහි සංවිධායකවරුන් කියති.

ඓතිහාසික සෝමාවතිය චෛත්‍යය වෙත මේ පිරිස ගමන් කළේ දර්ශනීය පෙරහරකිනි. ඊට පසුව පිරිස කප්රුක් පූජාව පවත්වා පහන් පූජාවක්ද පැවැත්විණි. මෙහිදී සෝමාවතිය ප්‍රජා සංවර්ධනය සඳහා මුදල් පරිත්‍යාග කිරීමද ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය මඟින් සිදු කරන ලදී. පසුගිය පොළොන්නරුව ජයන්තිපුර‍ චේතියගිරි පුරාණ රජමහා විහාරයේදී ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය විසින් ඇස්පෙනීම දුර්වල අය 500කට නොමිලේ ඇස් කණ්නාඩි ලබාදීම සිදු විය.

පොළොන්නරුව දිසා සමූහ ඇම්.පී. සරත්

නව අදහස දක්වන්න