පොලිතින් භාවිතය අද සිට තහනම් | දිනමිණ

පොලිතින් භාවිතය අද සිට තහනම්

ශීලා උඩුවර

පරිසරයට හානිදායක ලන්ච් ෂීට්, සිලි සිලි බෑග්, රිජිෆෝම් කෑම පෙට්ට් හා ග්‍රොසරි කවර භාවිතය, නිෂ්පාදනය හා අලෙවිය මහවැලි සංවර්ධන හා පරිසර අමාතයාංශය මගින් අද (01 ) සිට තහනම් කර තිබේ. මේ අනුව ජාතික, ආගමික, සමාජයිය, සංස්කාතික හා දේශපාලන ආදි සියලු උත්සව වලදිද සැරසිළි සඳහා පොලිතින් භාවිතය අද සිට තහනම්ය.

ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල පොලිතින් හා ප්ලාස්ටික් භාවිතය දිනකට කිලෝ ග්‍රෑම් 0.5 ක් පමණ වන අතර ආහාර දවටන හා ෂොපින් බෑග් වැනි සැහැල්ලු පොලිතින් මළු දිනකට මිලියන 20 ක් හා මිලියන 15 ක් පමණ භාවිතා කරන බව වාර්තාවි තිබේ.

දිනකට ආහාර දවටන මිලියන 2 ක් පමණද ෂොපින් බෑග් වැනි සැහැල්ලු පොලිතින් මළු දිනකට මිලියන 1.5 ක් පමණද වාර්තාවි ඇත. මෙයින් සිදුවන පාරසරික, ආර්ථික, සමාජයිය, හා සෞඛ්‍යමය ගැටලු සැලකිල්ලට ගනිමින් මෙම තහනම ක්‍රියාත්මක කෙරේ. 

අදහස් 2ක් ඇත

නව අදහස දක්වන්න