අත ලකුණ ඉස්සරහ ඉඳගෙන කතා කරන ජනපති යටතේ ශ්‍රීලනිපයේ වැඩිබලය තිබෙනවා | දිනමිණ

අත ලකුණ ඉස්සරහ ඉඳගෙන කතා කරන ජනපති යටතේ ශ්‍රීලනිපයේ වැඩිබලය තිබෙනවා

අපි පැහැදිලිව කියන්න ඕන කාරණය තමයි ගම් මට්ටමින් ජනතාව දන්නවා නෙලුම් පොහොට්ටුව පිටිපස්සේ තියාගෙන පක්ෂයේ නායකයාය කියනවාට වැඩිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත සලකුණ ඉස්සරහ ඉඳගෙන කතා කරන ඒ වෙනුවෙන් පෙනී සිටින නායකයා හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන සභාපතිත්වය මෛත්‍රිපාල සිරිසේන මහතා යටතේ තිබෙනවාය කියන එක හැමදෙනාම දන්නා කාරණයක්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙන්තර ඇල්පිටිය සම සංවිධායක අමිල හර්ෂණ කාරියවසම් මහතා මේ අදහස් පලකළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වන සංවත්සරය නිමිත්තෙන් මාධ්‍යට අදහස් දැක්වීම සදහා ඊයේ (31) සවස ඇල්පිටිය වසන්ත උත්සව ශාලාවේදී පවතී මාධ්‍ය හමුවට අදහස් දක්වමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙන්තර ඇල්පිටිය සම සංවිධායක ගයාන් සිරිමාන්න මහතා ඇතුළු බලමණ්ඩලයේ නිලධාරින් කිහිප දෙනෙකු ද මේ අවස්ථාවට සහභාගී වුහ.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමිල කාරියවසම් මහතා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වන සංවත්සරය පවත්වන්නට සුදානම් වන මේ මොහෙතේ වර්තමාන ජනාධිපති අප පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ පවත්වන්නට යෙදෙන තුන්වන සංවත්සරයයි මේ.එය අපි තුන්වනදා බොරැල්ල කැම්බල් පිටියේදී පවත්වන්නට කටයුතු සුදානම් කර තිබෙනවා.මීට අවුරුදු තුනකට මත්තෙන් පොළොන්නරුවේදී පලවන සංවත්සරය පැවැත්වුවා.ඊට පස්සේ කුරුණෑගලදී දෙවන සංවත්සරය ඊටත් වඩා ඉහළින් පවත්වන්නට හැකියාව ලැබුණා.මෙවර බොරැල්ල කැම්බල් පිටියේදී පවත්වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙතෙක් ඉතිහාසය තුළ පවත්වපු දැවැන්තම .ඒ වගේම පක්ශයේ හැරවුම් ලක්ෂය පරිවර්තනය වන ජයග්‍රාහි සංවත්සරයයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරය කරන ජනතාව හැටියට ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පණපොවන නායකයා හැටියට සඟ වෙද ගුරු ගොවි කම්කරු කියන පංච මහා බලවේගයට ශක්තිය ලබාදෙන නායකයා හැටියට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති මේ රටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියට අරගෙන යන්න ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා වෙනුවෙන් කැපී පෙනෙන නායකත්වයක් ලබාදෙන නායකයෙක්. ඒ වගේම තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව මාවතකට ගෙනල්ල විවිධ ආගම් කුල මල පක්ෂ බේද සියල්ල පැත්තකට කරලා,සියලු ජාතින්, සියලු කුලවල ජනතාව සියල්ල ඒක රාශිකරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රාහි මාවතකට ගෙන යන්න අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරලා තිබෙනවා.

අපි සිහිපත් කරන්න ඕන එතුමා නිහතමානි ජනතා නායකයෙකු හැටියට අද පක්ෂයේ සභාපතිවරයා හැටියට පත්වෙලා තිබෙන්නේ. එක පැත්තකින් අපිට මතකයි එතුමා ජනාධිපතිවරයා වශයෙන් පත්වුණාට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව,විධායක සභාව,සමස්ත ලංකා කාරක සභාව කියන මේ කණ්ඩායම් තුනම එකට එකතු වෙලා පදනම් ආයතනයේදී එවකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැති තුමාගේ නායකත්වය තුළ එදා තීන්දුවක් ගත්තා පක්ෂයේ මීළඟ නායකයා හැටියට මෛත්‍රිපාල සිරිසේන මහතා පත්කරන්න ඕන කියල.එතන මෛත්‍රිපාල සිරිසේන මහතා හිටියේ නැහැ.

මෛත්‍රිපාල සිරිසේන මහතා නොසිටිය තැනක තමයි එදා මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන මධ්‍යම කාරක සභාව විධායක සභාව,සමස්ත ලංකා කාරක සභාව තීන්දු කළේ,තීරණය කළේ පක්ෂයේ මීළඟ නායකයා මෛත්‍රිපාල සිරිසේනමහතාය කියන කාරණය.එතුමාට ඒ විදියට සදචාරාත්මක ලෙස පක්ෂයේ නායකත්වය එතුමාට ලබාදීමට අවශ්‍ය පසුබිම ගොඩනැගුනා.

අනෙක් පැත්තෙන් මහින්ද රාජපක්ෂ මහතා ම ඇති කරපු, පක්ෂයට එකතු කරපු ව්‍යවස්ථාවට එකතු කරපු පක්ෂයේ සාමාජිකයකු කවද හරි දවසක ජනාධිපතිවරයා බවට පත් වුනොතින් නිතැතින්ම එතුමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය හිමිවනවාය කියන කාරනය පිලිබදවත් අපි මතක් කරන්න ඕන.එතුමා කාරනා දෙකකින් පක්ෂයේ සභාපතිත්වය තහවුරු කර තිබෙනවා.එකක් සදාචාරාත්මක ලෙස එතුමාට හිටපු නායකයා ඇතුළු සමස්ත කාරක සභාව,විධායක සභාව,සමස්ත ලංකා කාරක සභාව එකතුවෙලා තීන්දු කරලා සියලු දෙනා එක හඩින් අත ඔසවලා,පක්ෂය භාර දුන්නා වගේම,පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව අනෙක් පැත්තෙන් එතුමා සභාපතිවරයා හැටියට පත්වී තිබෙනවා.

මහින්ද රාජපක්ෂ මහතා අපි දැක්කා පසුගිය දවසක සිහිපත් කරනවා, කියනවා, මාධ්‍ය ඉදිරියේදී ඔහු තමයි පක්ෂයේ සභාපතිවරයා කියල.ඇත්තටම මේක එතුමාට අමතක වීමක් නෙමෙයි.මොකද එතුමා හොඳ ශරීර සෞඛයක් තිබෙන හොඳ නායකයකු හැටියට එතුමාට අමතක වීමකින් කියවුන කාරණයක් නෙමෙයි. කාගේ හරි බලපෑමකින් උඩ කිවුවද,එහෙම නැත්නම් වෙනත් අරමුනක් ඉෂ්ට කරගන්න කිවුවද කියන කාරනය අපට කියන්න බැහැ.නමුත් අපි පැහැදිලිව කියන්න ඕන කාරණය තමයි ගම් මට්ටමින් ජනතාව දන්නවා නෙලුම් පොහොට්ටුව පිටිපස්සේ තියාගෙන පක්ෂයේ නායකයාය කියනවාට වැඩිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත සලකුණ ඉස්සරහ ඉදගෙන කතා කරන ඒ වෙනුවෙන් පෙනී සිටින නායකයා හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන සභාපතිත්වය මෛත්‍රිපාල සිරිසේන මහතා යටතේ තිබෙනවාය කියන එක හැමදෙනාම දන්නා කාරණයක්.

එදා මහින්ද රාජපක්ෂ මහතා පක්ෂය භාරදුන්නා වගේම ඒ නායකත්වය භාරගත්තු මෛත්‍රිපාල සිරිසේන මහතා වසර දෙකහමාරක් යනකොට එතුමා මේ පක්ෂය වෙනුවෙන් කලයුතු යුතුකම් කොටස ඉටු කරමින් පක්ෂය ගොඩ නගන්න අවශ්‍ය ශක්තිය ලබාදෙන බව සිහිපත් කල යුතුයි. අපි 2020 වෙනවිට මේ රටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හදන්න ඕන.මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයට අපි මුහුණ දෙන්න ඕන. කවුරු මොනවා කිව්වත් අපි විශ්වාස කරනවා 2020 වන විට මේ රටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හදන්න හැකි නායකත්වය දෙන එකම නායකයා මෛත්‍රිපාල සිරිසේන මහතා පමණයි.

අද සමහරු කිව්වා හොරු අල්ලනේ නැහැයි කියල.හැබැයි ගිය ආදුවේ හොරුත්,මේ ආණ්ඩුවේ හොරුත් මේ දෙගොල්ලම අල්ලන්න අවශ්‍ය කාරනා සියල්ලම මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මේ වන විට කරගෙන යන බව අපි කියන්න ඕන.එතුමා ඒක ක්‍රියාවෙන් ඔප්පු කර තිබෙනවා.එතුමා මේ වනවිට හොරු කවුද කියල පෙන්නන්න ඕන ජනාධිපති කොමිසන් ඇති කරල, ඒකට අවශ්‍ය කටයුතු කරගෙන යන යුගයකයි අද අපි ඉන්නේ.හිටපු ආණ්ඩුවේ හොරු හිටියානම් ඒ හොරු අල්ලල,ඒ හොරු රැකපු නායකයන්ටත් දඩුවම් දෙන්න මේ නොකැළැල් නායකත්වය, මේ නොකිලිටි නායකයා කටයුතු කරයි කියන විශ්වාසය අපිට තියෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ,මේ නායකත්වය තුල බණ්ඩාරනායක ප්‍රතිපත්ති ඉදිරියට අරගෙන යනවා වගේම,සඟ වෙද ගුරු ගොවි කම්කරු කියන මේ පංච මහා බලවේගයට ශක්තියක් ලැබෙනවා වගේම, ගමේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයාට ප්‍රජාතන්ත්‍ර වාදී ලෙසට පක්ෂය තුල කටයුතු කරන්න වගේම පක්ෂයේ අනෙකුත් නායකයන්ටත් කටයුතු කරන්න අවශ්‍ය වටපිටාව අද ඇතිවී තිබෙනවා.

මීළඟ ජනාධිපතිවරණය එන විට කවුද අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කරන්නේ.අද කතා කරන විවිධ පාර්ශව වලට,ඒකාබද්ධ විපක්ෂයට,අපි කියන්න කැමැතියි මහින්ද රාජපක්ෂ මහත්තයට මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න පුලුවන්ද.බැහැ.චන්ද්‍රිකා කුමාරනතුංග මැතිනියට ඉදිරිපත් වෙන්න පුලුවන්ද.බැහැ.අපි පැහැදිලිව කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වය ලබා දෙන මෛත්‍රිපාල සිරිසේන මහතාට මීළග ජනාධිපතිවරණයේදීත් ඉදිරිපත් වෙලා සියලු ජනතාවගේ ජාතිභේදයෙන් තොරව කුල භේදයෙන් තොරව සියලු ජනතාවගේ ආශිර්වාදය ලබාගෙන , මීළග ජනාධිපතිවරණයේදීත් ජයග්‍රහණය කරන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතායි කියන එක අපි විශ්වාසයෙන් ප්‍රකාශ කරනවා.

ඒ වගේම තමයි මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා අපේ පක්ෂයේ විවිධ කණ්ඩායම්වලට, තරුණ කොටස් වලට ,වැඩිහිටියන්ට, කාන්තාවන්ට,සියලු සංවිධානවලට සහයෝගය දෙමින් ඒ සියලු කණ්ඩායම් ඒකරාශිකරගෙන,පක්ෂය ගොඩනගමින් ඉදිරියට යන්න අවශ්‍ය ශක්තිය ලබාදෙන යුගයක් බිහිකර තිබෙනවා.ඒ නිසා ජයග්‍රාහි මාවතක් තුල ඉදිරියට යන්න පුළුවන් වැඩපිළිවෙළක් ඇති නොකීලිටි නායයා හැටියට අපි මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාව හදුන්වන්නට ඕනෑ.

බෙන්තර ඇල්පිටිය සම සංවිධායක ගයාන් ක්‍රිශාන්ත සිරිමාන්න මහතා.

පසුගිය දවසක මම මගේ දේශපාලන ජීවිතයේ දකින්න අකමැතිම දේ දැක්කා.ඒ තමයි අපි ආදරය කරපු අපි අදත් ගරු කරන අපේ හිටපු ජනාධිපති තුමා , කියනවා එතුමා තමයි අදත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති තුමා කියල.මහින්ද රාජපක්ෂ මහතා අවසිහියෙන් කියපු කතාවක් නෙමේ ඒක. එතුමා හොඳ ජවසම්පන්න පෞරුෂයක් තියෙන නායකයෙක් .ඉතින් අපි විශ්වාශ කරන්නේ නැහැ ඒ වගේ කාරනාවක් සම්බන්ධව රටේ ජනතාව ඉස්සරහට ඇවිල්ල ඒ වගේ දෙයක් කියන්න තරම් අවසිහියෙන් ඉන්නවා කියල.නමුත් අපිට අද ලැජ්ජාවක් තියෙනවා ,මට නම් පෞද්ගලිකවත් ලැජ්ජාවක් තියෙනවා මේ රටේ ජනතාව මෙච්චරටම ගොන්නු කියල හිතාගෙන ඉන්නවා කියල මේ ඒකාබද්ධ විපක්ෂයේ උදවිය.මම එහෙම කියන්නේ එතුමා එදා ඒ ප්‍රකාශය කළා එතුමා තාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයාය නායකයාය කියල. ඉතින් එතුමා ඒ කාරණය කියන්නේ අර හෙට අනිද්දා පුම්බන්න ඉන්න පොහොට්ටුව ගහගෙන ඉන්න ඒකාබද්ධ විපක්ෂයේ මැතිවරණ වේදිකාවක් ඇතුලේ ඉදගෙනයි.

2015 ජනවාරි 8 මේ රටේ දේශපාලන පරිවර්තනයක් සිදුවුණා.ඒ පරිවර්තනයත් එක්ක රටේ නායකයා වුනේ වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතායි.එතුමාට පක්ෂයේ නායකත්වය ලබාදුන්නේ ඊයේ පෙරේදා නෙමෙයි. මහින්ද රජපක්ෂ හිටපු ජනපතිවරයා මෛත්‍රිපාල සිරිසේන මහතාට පක්ෂයේ නායකත්වය ලබාදුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව කැදවලා ,විධායක කාරක සභාව කැඳවලා පදනම් ආයතනයට ගෙන්වලා .ඒ වෙලාවේ අපිත් එතන හිටියා.මෛත්‍රිපාල සිරිසේන ජනපතිවරයා එතන සිටියේ නැහැ.පක්ෂය හරි මාවතකට යවන්න ඕන.මේ වෙලාවේ පාක්ෂිකයෝ රැකගන්න ඕන.ඒ සදහා අපි රටේ නායකයා වෙච්ච මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාට ආයාචනා කරන්න ඕන,ආරාධනා කරන්න ඕන, කියල පක්ෂය භාරගන්න ඕන කියල.සමස්ත ලංකා කාරක සභාව නියෝජනය කරන සභාපතිවරු හැටියට අපිත් එතන සිටියා.එතන දී අපේ පක්ශයේ කණ්ඩායමක් පත්කරලා ඒ කන්ඩායම හරහා තමයි ඒ ආරාධනාව කළේ.එතනදී අපි ගරු කරන්න ඕන මෛත්‍රිපාල සිරිසේන මහතාට පක්ෂය අනාත වෙච්ච වෙලාවේ එතුමා පක්ෂය බේරාගන්න ඉදිරිපත්වීම ගැන.වගකීමෙන් කියන්න ඕන එතුමාව ජනාධිපතිවරයා කළේ එක්සත් ජාතික පක්ෂයේ යයි.නමුත් එතුමා ඒ ජන්ද පදනමට පවා පයින් ගහල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බේරාගන්න ඉදිරිපත් වුණා.

මේ අවස්ථාවට හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පි.ඒ.සමරපාල,එස්.විදිසිංහ,ගාමිණි නිස්සංක,එම්.එස්.ඒ. ප්‍රේමලාල්,රූපා ගුණතිලක,ඩබ්ලව්.ඒ.සමරනායක යන මහත්ම මහත්මීන් ද සහභාගිවුහ. 

අයි.එම්.වී.සි. ගුණසේකර
ඇල්පිටිය සමුහ

නව අදහස දක්වන්න