සම්මත නොවූ සභාවලට 20 යළි ගෙනෙයි | දිනමිණ

සම්මත නොවූ සභාවලට 20 යළි ගෙනෙයි

ශිරෝමි අබයසිංහ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20වැනි සංශෝධනය සම්මත නොවූ පළාත් සභාවලට එම පනත යළි ඉදිරිපත් කිරීමට රජය තීරණය කර තිබේ.

රජය මෙම තීරණය ගෙන ඇත්තේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන් පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා සමඟ පැවැත් වු සාකච්ඡාවකින් පසුවය.

ඊට අමතරව පනත සම්මත කර ගැනීමට ගත යුතු පියවර සම්බන්ධයෙන් අගමැති වික්‍රමසිංහ මහතා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාට දැනුම් දී තිබේ.

සියලු පළාත්සභාවල ජන්දය එකම දිනක පැවැත්වීමට විධිවිධාන ඇතුළත් 20වැනි සංශෝධනය පරාජයට පත් කිරීම ගැන ඌව පළාත් සභාවේ විපක්ෂ නායක ර.මු. රත්නායක මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් සිදු කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ ලේකම් කබීර් හෂීම් මහතාට දැනුම් දී තිබේ.

පළාත් ආණ්ඩුකාරවරුන්ගේ දැනුම් දීම මත විශේෂ සභාවාරයක් කැඳවා පනත යළි පළාත් සභාවලට ඉදිරිපත් කිරීමට නියමිතය. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...