ලේක්හවුස් දැන්වීම් නියෝජිතවරිය ඩෙංගු රෝගයට බිලි | දිනමිණ

ලේක්හවුස් දැන්වීම් නියෝජිතවරිය ඩෙංගු රෝගයට බිලි

ඩෙංගු රෝගය උත්සන්න වීම හේතුවෙන් බදුල්ල මහ රෝහලට ඇතුළත්ව එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් ඊයේ (31) මරණයට පත් වුවාය. මෙසේ මිය ගොස් ඇත්තේ බදුල්ල රිදීපානවත්තේ පදිංචි ස්වර්ණලතා දිසානායක නමැති 49 හැවිරිදි තිදරු මවකි. ඇඟේ සැමියා බදුල්ල මහ රෝහලේ හෙද නිලධාරියකු ලෙස සේවය කරන අතර ඇය බදුල්ල ලේක්හවුස් නියෝජිත දැන්වීම් කාර්යාලයේ සහ සෝමරත්න ඇඩ්වර්ටයිසින් ඒජන්සිහි ප්‍රධාන පරිපාලකවරිය ලෙස කටයුතු කළාය. 

දෙමෝදර සමුහ

නව අදහස දක්වන්න